(කේ. බුද්ධික කුමාරසිරි)
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදී අද (8) උදෑසන පොලිසිය විසින් සොයාගෙන ඇත.
කොල්ලුපිටියේ පේදිරිස් මාවතේ පිහිටි නිවසක තිබී සිරුර හමු වී ඇති අතර මෙය දිවි නසාගැනීමකද යන්න පරීක්ෂණ කෙරෙන බව පොලීසිය කියයි.
කපිල චන්ද්‍රසේන මහතා ප්‍රශ්න ගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටි අතර අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ (7) නියෝගයක් නිකුත් කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ශ නිකායත් එක්ක හොර ගනුදෙනු කරපු උන්ට අන්තිමට හිමි වෙන්නේ මේක තමයි