
(මනෝප්‍රිය ගුණසේකර)
ව්‍යාපාරික විශ්ලේෂකවරියට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු වන සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.
ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගිය අවස්ථාවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකදී අදාළ කෝටිපති ව්‍යාපාරිකයා තමාට ලිංගික අතවර කළ බවට ව්‍යාපාරික විශ්ලේෂකවරිය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළැයි කියමින් කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස විදේශ ගමන් තහනමක් නිකුත් කළේය.
තරුණ ව්‍යාපාරික විශ්ලේෂකවරිය කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් මාසයක පමණ කාලයක් විදේශගතව සිටි සේන යද්දෙහිගේ මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු ලංකාවේ නොමැති කාලයේ රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ, ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට පැමිණිලිකාරිය කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු හෝටලයකට කැඳවා ඇතැයි දැනුම් දුන්නේය.
එම කැඳවීමට අනුව ඇය පසුගිය මැය 07 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ අදාළ තරු හෝටලයට ගොස් ඇතැයිද ව්‍යාපාර කටයුතු පිළිබඳ විශ්ලේෂණය කිරීමට සුදානම් වු අවස්ථාවේදී සැකකරු තමාට ලිංගික අතවර කළ බවට පැමාණිල්ලේ සඳහන් බව දැනුම් දුන් නිලධාරීහු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයිද දැනුම් දුන්හ.
සිද්ධිය සම්බන්ධයෙන් විර්ශන කරන හෙයින් සැකකරුට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලිසියේ නිලධරීහු ඉල්ලා සිටියහ. ඉදිරිපත් වු කරුණු සළකා බැලීමන් අනතුරුව සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රටින් පිටවීමට පැමිණියහොත් අත්අංගුවට ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක්ද නිකුත් කළේය.
සිද්ධියට අදාළව කරන විර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේන යද්දෙහිගේට රට යාම තහනම්
රංබොඩ Sunday, 30 June 2024 11:49 AM
විශ්ලේෂණය සඳහා හෝටලයකට ගිහින් ඒක මරු....
අමල් Sunday, 30 June 2024 12:05 PM
මේක පිටිපස්සේ ඉන්නේ රතුපස්වල ධම්මික!
Perera Sunday, 30 June 2024 12:32 PM
මෙයාට විරුද්ධව 2019දී ව්‍යාපාර මගඩියකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් තිබුණා...
sanath Sunday, 30 June 2024 09:48 PM
ව්‍යාපාරික විශ්ලේෂණ කරන්නේ කාර්යාලයක මිසක් හෝටල් කාමරවල නොවන බව මේ විශ්ලේෂකවරිය දන්නේ නැද්ද ?
upali Monday, 01 July 2024 08:45 AM
මම වරදවා වටහා නොගත්තොත්, රිචඩ් පීරිස් සමූහයේ වැඩිම කොටස් ප්‍රමාණයක් ඔහු සතුය. ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකි.