(අංජුල මහික වීරරත්න)
බඩඉරිඟු වගාවේ පැතිර පවතින සේනා දළඹුවා Fall Army Worm හානිය මර්දනය සඳහා දේශීය ජෛව කෘමිනාශකයක් නිෂ්පාදනය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දේශීය ආයතනයක් වන සාරභූමි ලංකා බයෝප්‍රඩක්ට් ආයතනයේ තරුණ ජීව විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ජෛව කෘමිනාශකය නිෂ්පාදනය කර තිබේ.
දැනට ලාංකාවෙි පරිසරයේ සිටින බැක්ටීරියාවක් යොදා ගනිමින් කර තිබෙන මෙම නිෂ්පාදනය බඩඉරිඟු අක්කරයක වගාවක් සඳහා යෙදීමට වැය වන්නේ රුපියල් 5000ක් බවද දැනට භාවිතා කරන කෘමිනාශක අක්කරයකට යෙදීමට රුපියල් 25,000ක් 30,000ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙන බවත් අමාත්‍යාංශය පවසයි.
මෙම ජෛව නිෂ්පාදනය නියැදියක් ලෙස තිරප්පනේ බඩඉරිඟු වගාවකට යොදා තිබෙන අතර සේනා දළඹුවා සියයට 100කින්ම විනාශයට පත් ව තිබේ.
මෙම නිෂ්පාදනය භාවිතය සදහා කඩිනමින් අවසර ලබා දීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මියට උපදෙස් දුන්නේය.
එමෙන්ම දිවයිනේ සේනා දළඹු හානිය පවතින තවත් දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිඟු වගාවට මෙම ජෛව කෘමිනාශකය යොදා අත්හදා බලන ලෙසත්, කෙසේ වුවත් මෙම නිෂ්පාදනය ජෛව නිෂ්පාදනයක් හෙයින් පරිසරයට හානිකර නොවන නිසා දැනට සේනා දළඹු හානිය පවතින වගාවන් යෙදීමට අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සේනා මඩින්න බෙිතක් සොයා ගනී