(යොහාන් භාසුර)
සතොස සීනි සැපයුම්කරුවන් ආනයනය කළ සීනි ටොන් 5000 කට අධික ප්‍රමාණයක් කොළඹ වරාය තුළ හිරවීම සීනි මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇතැයි සතොස උසස් නිලධාරියෙක් පැවැසීය.
සතොස මැදිහත් වීමෙන් එම සීනි තොග වරායෙන් නිදහස් කරගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බව කී සතොස ප්‍රධාන නිලධාරියා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වීම මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇති බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් එම සීනි තොගය ලබන සඳුදා හෝ අඟහරුවාදා වන විට නිදහස් කරගැනීමට බලාපොරොත්තු වන බවත් සතොස උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොල්ලොම වෙන්න ඇති වත්තල පැත්තේ සීනි ටොන් 5000ක් පමණ හන්ගලා තිබුනේ.?
වරාය අධිකාරියේ මොනාටද ප්‍රමාද ගාස්තු ගෙවන්නේ.?
මේ ආත්මාර්ථකාමී හා මුදලට කෑදර වෙළෙන්දන් සීනි මිල දෙගුණ කිරීමට එය හේතුවක් නොවේ. ඇමතිවරයා පවසන්නේ ඔහු අසරණ බවයි. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ඉල්ලා අස්විය යුතුයි.
ඒකත් අපිද කරන්න ඕන.?