(අංජුල මහික වීරරත්න)
මෙම මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින් දළඹු හානිය පාලනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වග කිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙවර මහ කන්නයේ දී දිස්ත්‍රික්ක ගණනාවක බඩ ඉරිඟු වගා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව ව්‍යාපෘතිය යටතේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මොණරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල අක්කර 40,000ක බඩඉරිඟු වගා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
වගාවේ මුල් අවදියේ දළඹු හානියට පාත්‍රවන වගා විනාශ වී යා හැකි බැවින් බීජ සිට වූ දින සිට වගාව ගැන සුපරීක්ෂාව වැදගත් බවද වගාවට දින 2-7 වනවිට පත්‍ර මත සුදු පැහැති විනිවිද පෙනෙන පටලයක් වැනි ලප ලෙස බිත්තර කැදලි දැකිය හැකි අතර මෙම අවස්ථාවේ ඒවා අතින් ඉවත් කිරීම මගින් වගාවට සිදුවන හානිය වළක්වා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
බිත්තරවලින් පිටවන දළඹුවන් ගොබය තුළට ඇතුළු වී පත්‍ර ගොබයට සහ පත්‍රවලට හානි කරන අතර මෙහිදී කොහොඹ බීජ නිස්සාරකය ගොබය තුළට ඉසීම මගින් හානිය පාලනය කළ හැකි බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝන් අගේන් දළඹුවාත් මීට ටික වෙලාවකට කලින් ලංකාවට ආවා සිංගප්පූරුවේ ඉඳලා.
බැරි මරගාතෙත් සේනා දලඹුවා ඊයේ රජරට පැත්තේ පාසලකට ගිහිල්ලලු...