රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරා ගැනීම සඳහා 6 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත. රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යවසාය, රජය සතු වාණිජ ව්‍යවසායන්හි ප්රමුඛ තනතුරු සඳහා මෙම කමිටුව විසින් නිලධාරීන් තෝරා පත්කර ගැනීමට නියමිතය.
තෝරා පත් කර ගැනීමට සුදුසු වෘත්තිකයන්ගේ නම් දෙසැම්බර් 18 වැනිදාට පෙර මෙම කමිටුව විසින් නිර්දේශ කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
කැබිනට් ඇමැති මණ්ඩලයේ හිටපු ලේකම් සුමිත් අබේසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවට ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක, සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ‘හෙළ’ ඇඳුම් සමාගමේ සභාපති ඩයන් ගෝමස්, ස්නායු ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරු ඇ.තුළත් කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම කමිටුව හදයි ලැයිස්තුවක්... දෙවනුව කැබිනට් එකයි රාජ්‍ය ඇමති සෙට් එකයි අනිත් දෙන්නට එක්කහු වෙලා කපලා කොටලා ඉරලා, මැනලා හදයි ලී බඩු...
සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරන්න විද්වත් කමිටුවක් - මෙම පුවතට අදාලව විස්තර යැවිය යුතු තොරතුරු පත්‍රිකාව ඵලකරන්න.
වැඩේ සාර්ථකයි... ජනපතිතුමාට පාට, පක්ෂ භේදයකින් තොරව සහාය වෙමු. මෙතුමා ශ්‍රී ලංකාව ගොඩගනියි කියලා අපිට හිතෙනවා.
විද්වත් කමිටුවේත් ඉන්නවා පහුගිය කාලේ මුදල් අයථා පරිහරණය යටතේ නඩු තියෙන කෙනෙක්...
ඉල්ලුම් පත්‍රය පලකරන්න.. සුදුසුකම් ඇති සැමට ඉල්ලුම් කළහැකියි...
කරුණාකර ඔබගේ කොමෙන්ට් වැදගත් තොරතුරු සමග පලකරන්න. ප්‍රමෝට් කරන්න විතරක් එපා. ස්තුතියි..
මේක ඉතාමත් වැදගත් දෙයක්.. මේ රට කණපිට පෙරළන්නම්... මෙවැනි දේ කළ යුතුයි. මේකෙදී කරුණු දෙකක් සලකන්න ඕනේ... එකක් සුවිශේෂී දැනුම සහ අත්දැකීම් අනෙක් පක්ෂපාතීත්වය සහ ප්‍රායෝගික බව පොතේ ගුරා දැම්මාමත් අවුලක් දෙපැත්ත බලන්චේ කරන්න වෙනවා.
සුදුසුකම්ලාභීන් තෝරලා ඉවරවෙලා ලිස්ට් එක රත්තරන්, ලාන්සා, මහින්දානන්ද, ජොන්ස්ටන්, වීරවංශ වැනි උගත් බුද්ධිමත් ඇමතිවරුන්ව යවන්න.
මේ අය පාටක්, පක්ෂයක් නැති විද්වතුන්ද?
වෙල්ලවත්ත දාපු එක තමයි ප්‍රශ්නේ
සුදුසුකම් කෙසේ වෙතත් දේසපාලුවන්ට කඩේ ගිය අයගේ අයට නම් යහපතක්ම වෙයි.
මෙයාලා විද්වත් තමයි. හැබැයි සමහරු පසුගිය කාලයේ හොඳට ආණ්ඩුවට කඩේ ගිය අය. එතකොට මගෙන් අහයි කඩේ ගිය අය නැතුව වෙන අය දාලා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. බලමු මොකද වෙන්නේ කියලා.
ඇමතිලත් ඒවගේම පත් කලා නම් තමයි හොඳ
අන්න බලන්න අපේ ආණ්ඩුවේ වැඩ...! ඔය සුපිරි මොලයක් කියූ සූත්තර පුංචාලාට ඕවා හිතන්නවත් බැහැ. අපේ ආණ්ඩුවේ තමයි හොඳම මොළ ටික තියෙන්නේ, දැන් නම් බයක් නැහැ.