(එච් චන්දන )
දළුව - නිර්මලපුර ප්‍රදේශයේ නත්තල් සාදයක් අතර තුර ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව පහර කෑමට ලක්ව ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් පලා ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
පහර කෑමට ලක්ව ප්‍රතිකාර සදහා රෝහලෙන් පලා ගොස් ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල් වරයකු වන අතර ඔහු නොරොච්චෝලේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට අයෙකි
සිද්ධියට මුහුණ දී ඇති අධුනික පොලිස් කොස්පල්වරයා ඉකුත් 25 වැනිදා පෙරවරුවේ නොරොච්චෝලේ පොලීසියේ සේවයට වාර්තා කර ඇත.
එදින ඔහු දුෂණ මර්ධන රාජකාරියේ නිරතව සිට ඇත.රාත්‍රී කාලයේ එම නිලධාරියා තම මිතුරන් කීප දෙනෙකු සමග සාදයකට සහභාගි වී සාදයේදී සිදුවී ඇති බහින් බස්වීමකින් පසුව එම ස්ථානයේ සිටි කීපදෙනෙකු විසින් පොලිස් නිලධාරියාට සහ ඔහු සමග පැමිණි අයෙකුට පහර දීම සිදු කර ඇත. පසුව පොලීසියට ලැබුණ තොරතුරකින් පැමිණි පොලිස් නිලධාරීන් ඔහු රෝහල්ගත කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
31
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
827
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සාදයේදී පහර කෑ කොස්තාපල් රෝහලෙන් පැනගිහින්