(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වැලිකඩ වල්පොළ විජිත පුර මාවතේ පැවැත්වූ නත්තල් සාදයකදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව  පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  අංගොඩ වල්පොල විජිතපුර මාවත පදිංචිව සිටි කේ  කේ රේණුක 46 යන අයයි

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු හැට දෙකක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත

මියගිය අය    තවත් පුද්ගලයන් තිදෙනෙකු සමග සාදයක් පවත්වා ඇති අතර  එහිදී ඇතිවූ බයින් බස් වීමකින් අනතුරුව මුගුරකින් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බරපතළ තුවාල ලද පුද්ගලයා  නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත