(සුරංග රාජනායක)
සෞදි අරාබියේ නිවසක වධ බන්ධනයන්ට ලක් වී දුක්විඳි තිස් හැවිරිදි දෙදරු මවක වන ගම්පොල අඟුරුමුල්ල පහලවත්තහේන පදිංචි සචිනි මධුෂානි ගුණසේකර පිළිබඳව මාධ්‍ය මගින් හෙළි කිරීම සමග ඇය සෞදි තානාපති කාර්යාලය වෙත ගෙන්වා ඇතත් ඇය මෙරටට ගෙන ඒමට නම් ඒජන්සිය වෙත රුපියල් දෙලක්ෂ අනුඅට දහසක මුදලක් ගෙවන ලෙස විදේශීයව සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරන බව ඇගේ සැමියා පවසයි.
වත්තේගෙදර ශිරන්ත මධුසංඛ තිලකරත්න වන ඔහු වැඩිදුරටත් සදහන් කළේ මෙම මුදල නොගෙවන්නේ නම් ඉදිරියේදී රුපියල් ලක්ෂ 27 ක මුදලක් ගෙවීමට සිදුවන බව සෞදි තානාපති කාර්යාල නිළධරින් තමාට දැනුම් දුන් බවයි.
ගම්පොල විදේශ සේවා ආයතනයක් මැදිහත් වී තමාගේ බිරිඳ ගෘහ සේවයට යැවීමේ දී ඔවුන් විසින් රුපියල් ලක්ෂ හතරක මුදලක් හා ඉන්පසු රුපියල් 13000 සක මුදලක් දෙන බව ප්‍රකාශ කළද ඔවුන් ඒ කිසිවක් තමාට නොදුන් බවද තිලකරත්න යන අය පවසයි.
සෞදි තානාපති කාර්යාලයේ සිටින බිරිඳ ගෙන්වා ගැනීමට විදෙස සේවා කාර්යාංශය වෙත කීහිප වරක් ගියද ඒ අය ඒජන්සිය පැත්ත ඇරගෙන කතා කරමින් බිරිඳ ගෙන්වා ගැනීමට උදව් නොකරන බවද ඔහු කියයි.
දරු දෙදෙනා බලාගෙන නිවසේ සිටින තමා හට කිසිදු කුලි වැඩකට යාමට නොහැකිව සිටින නිසා නිසි ලෙස ආහාර සපයා ගැනීමටවත් මුදල් සොයා ගැනීමට නොහැකිව සිටියදී සෞදි තානාපති කාර්යාලය කියන රුපියල් ලක්ෂ 27 හෝ විදේශ රැකියා ආයතනය කියන රුපියල් ලක්ෂ තුන වත් සොයා ගැනීමට නොහැකි බව මොහු පැහැදිලි කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩයෝ බොරු කියන්නේ. කිසිදු චෝදනාවකින් තොරව ඇය යැවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පූර්ණ බලය ඇත. ඒත් අහිංසක ගෑනුන්ගෙන් සල්ලි හොයන්න හදනවා. ඔවුන් සෞදි රජයට අපහාස කරනවා. ඔවුන් කවදාවත් එවැනි මුදල් ඉල්ලන්නේ නැහැ. මම වසර ගණනාවක් සෞදියේ සේවය කළ නිසා මම හොඳින් දනිමි. සියලුම සෞදියන් නරක නැත.
ඊළඟ පාරත් මේ පල් හොරුන්ටම චන්දෙ දෙන්න
මෙයා සෞදි රජයටත් තානාපති කාර්‍යාලයටත් අබුත චෝදනා එල්ල කරනව පලමුවෙන්ම මම අහන්නෙ කුඩා ලමයි දෙන්නෙක් ඉදිද්දි බිරිද රට යැව්වේ ඇයි ..ඊලගට සෞදි හාම්පුතා ලංකාවේන් කාන්තාවන් ගෙන්වන්න රියාල් 25.000 ක් වියදම් කරනව.හරි මොන හේතුවක් නිසාහෝ මෙම කාන්තාව තානාපති කාර්‍යාලය භාරයේ සිටීනම් ආරක්ශා සහිතව ඉන්න බව කිව යුතුයි.ඊ ලගට තානාපති කාර්‍යාලය රුපියල් දෙලක්ශ අසූ දහසක් ඉල්ලුවා නම් එයට හේතුව ඉක්මනින් ලංකාවවට එවීමට කටයුතු කිරීමට විය හැකිය.නමුත් මෙම කාන්තාව රජයේ මුදලින් ගෙන ඒමට නම් විදේශ සේවා නියුක්ති කාර්‍යාන්ශයෙන් මුදල් අනුමත කර යැවීමට කාලයක් ගතවෙනු ඇත.නමුත් ඒ සදහා සෞදි නීතියට අනුව කටයුතු කිරිමට සිදුවනු ඇත.ආවාට ගියාට සෞදි නීතිය අනුව ගෙන්වා ගැනීමට ලෙහෙසි නැත.ලක්ශ 27 කතාව පිලිගත නොහක.