
(අමදෝරු අමරජීව )
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව තඹලගමුව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය වූයේ තඹලගමුව, කෝවිල් අඩි ප්‍රදේශයේ පදිංචි කන්දසාමි පෙරිම්බරාජා (37) නැමැති එක්දරු පියකි.
ඝාතනය වූ අයගේ බිරිඳ විදෙස් ගත වී සිටින අතර එකම දරුවා බිරිඳගේ මව පදිංචි ආලංකේනි ප්‍රදේශයේ ජීවත්වේ. බහින් බස්වීමේදී මිය ගිය අයට පහර දුන් දෙදෙනෙකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.