(සුජිත් හේවාජුලිගේ )
නුවරඑළියේ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්දී ඇත .
"අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය" යන තේමාව යටතේ නුවරළිය පැරණි තුරඟ තරග පිටිය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂනීය ස්ථාන ආවරණය වන පරිදි මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
නාගරික සංවර්ධන අධිකාරිය හා නුවරඑළිය නගර සභාවේ ප්‍රධානීන් සමග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේය උපදෙස් ලබා දී ඇත.
නුවරඑළිය මූලික කරගත් ග්‍රෙගරි වැව සංවර්ධනය, අදියර පහක් යටතේ සිදුකෙරේ.
රථවාහන ගාල් කිරීමේ ස්ථාන සහ මෝටර් ධාවන පථ ඉදිකිරීමට ද මේ යටතේ සැලසුම් කර ඇත. ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීම ද සැලසුම් කර ඇතැයි මෙහිදී අනාවරණය විය.
යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, "නුවරඑළිය පැරණි තුරග තරග පිටිය ප්‍රතිසංවර්ධනය කිරීමේ පළමු අදියර" ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ යටතේ පැරණි තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කෙරේ. කේබල් කාර් ව්‍යාපෘතියක්, අශ්වරේස් මංතීරුවක්, සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක් සහ අවන්හල් ජාලයක් ද ඉදිකිරීමට අපේක්ෂිතයි.
නානුඔය නගරයේ සිට නුවරඑළිය නගරය දක්වා ඉදිකරන කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කරයි. නුවරඑළිය පොළව මට්ටමට ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ නැරඹීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ ම පූඩලුඔය, නානුඔය, ගිනිගත්හේන, වලපනේ, රිකිල්ලගස්කඩ, පුසසැල්ලාව සහ කිතුල්ගල යන නගර ද සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.
යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ මූලික සහ අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ද සිදුකෙරේ. මෙයට අමතරව විදුලිය, තැපැල් සහ අදාල වෙනත් ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමත්, පරිසර හිතකාමි ගස් වර්ග සිටුවීමත් සිදුකරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම සාකච්ඡාව සඳහා නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර සැලසුම් ශිල්පී ප්‍රසාද් රණවීර යන මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටත් වඩා ලේසියි ලංකාව පුරා තියෙන තෙල් හා ගෑස් පෝලිම් සුද්දන්ට පෙන්වා විදේශ විනිමය ඉපැයීම...
සුද්දන් ගෙන්වන්න නම් රටේ තෙල් පෝලිම්, ආහාර හිඟය නැතිවෙලා රට සාමකාමී වෙන්න ඕනේ. සුද්දන්ගේ රටවල්වල කේබල් කාර් ඕනේතරම් තිබෙනවා. ඒවාවල යන්න ඔවුන් මෙහෙ එන්නේ නැහැ. අර ඩොලර් කෝටි ගණනක් ණයවෙලා හැදුව නෙළුම් කුළුණ බලන්න සුද්දන් එන්නේ නැද්ද?
ලංකාවේ අයට කේබල් කාර් මැජික් වුණාට මෙවැනි දේවල් ලෝකයේ හැම රටකම වාගේ තියනවා... ඒ වගේම හදිසියේ යමක් වුණොත් ඒ පිරිස් බේරාගන්නත් ඒ ඒ කේබල් කාර් මධ්‍යස්ථානවල පහසුකම සලසා තිබෙනවා. මේ විදුලි කැපීම සමග මොකද වෙන්නේ... මේ සේරමට වඩා මොනතරම් ජනතාවක් පීඩා විඳිනවද? පාලමක් නැතිකමෙන් මේවා මුලින්ම සකස් කරන්න ඕනේ මෙවැනි දේවල් කරලා මේ බලපොරොත්තු වෙන සංචාරකයින් පැමිණීම සිහිනයක්...!
ලංකාවේ උෂ්ණාධික ප්‍රෙද්ශවල ජීවත් වෙන මිනිස්සුන්ට නුවර එළියේ සීතල දේශගුණය සුවදායක වුණාට 365 දවසේම සීතල දේශ ගුණ ඇති රටවල ජීවත්වෙන සුද්දන්ට නුවර එළියේ සීතල දේශගුණය විශේෂ දෙයක් නොවන බව තේරෙන්නේ නැද්ද?
මම දන්න විදිහට මේක ආයෝජන ව්‍යාපෘතියක්...
අනිවාර්යයෙන්ම ඔය කේබල් කාර් ව්‍යාපෘතියෙනුත් කොමිස් හෝ කප්පම් පාරක් ලැබෙනවා ඇති, හෙට අනිද්දා වෙනකොට ලිපිලේඛන සහ හඬපටි කරලියට පැමිණේවි.
වැඩේ හොඳයි. කාලෙකට කලින් කරන්න තිබ්බා. කිසිම දේක හොඳක් පෙන්නේ නැති ජේවීපී තියරිය අනුව නෙමෙයි කෙරෙන විදිහක් බලන්න. හැබැයි ගසාකාන් තාලෙට නැතුව...
මෙවැනි ප්‍රයෝජනවත් දේවල් කරන්න දැනටමත් පරක්කු වැඩියි...
සංචාරක ඇමතියා වෙලා හිටපු කාලෙත් ඔය වගේ කතා කිව්වා. සංචාරකයින් සෑහෙන්න එනවා කියලා, සංඛ්‍යා ලේඛනුත් මහ ලොකුවට ඇද බෑවා. කයිවාරුව නම් තියෙනවා.. වැඩ කෙසේ වෙතත්....
දැන් අඩු ඒක විතරයි. පුළුවන් දෙයක් කරන්න.
ලොකු ලොකු සංවර්ධන කරලා අපි දැන් හෙම්බත් වෙලා.. කන්නත් නැහැ, බෙහෙතුත් නැහැ, ගමනකට සහ වැඩකට ඉන්ධන සහ බල ශක්තියක් නැහැ. සුද්දෝ අද්දවන්න නම් ඇයි ඔය කියපු සාකච්ඡාවට සංචාරක අංශයේ කවුරුත් නැති වුනේ? මේවත් අතලොස්සකගේ සාක්කු පුරවන සංවර්ධනද?
රටේ ජනතාවගේ සල්ලි මංකොල්ල කන ව්‍යාපෘති කළා කියලා සුද්දෝ මේ අපායට පව් ගෙවන්න මුදල් වියදම් කරගෙන මින් පස්සේ එන්නේ නැහැ. සුද්දෝ විතරක් නෙමේ, ඇෆ්රිකන්ලාත් අනාගතයේදී ඒවි... මේ රටේ ඉන්න ජාන විපරිත ගෝත්‍රිකයින්ව නරඹන්න නම්.... මේ රටේ මන්දපෝෂණ ළමයින්ට බෙදා දෙන්න කෑම එහෙමත් ඇෆ්රිකන්, බංගලි ජාතිකයින් රැගෙන එයි. ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන හිටිය යක්කු පැටව් ලෝකෙන්ම හිඟා කනකොට කාටද ආඩම්බර?
ඔක්කෝටම කළින් ඕක හදලා ප්‍රසන්නව යවන්න ඕනෑ. හොඳට බර අදිනවද කියලා බලන්න..?
මේ කප්පන් හොරුන් තවත් හොරාකන හොර මගඩියකටයි මේ ලෑස්ති වෙන්නේ... මේ වගේ කප්පම් කාරයෙක් පත්කළ එකත් මිග් යානාවලින් මහා පරිමාණයෙන් හොරාකාපු ලෝක හොරුන්නේ...
යතුරු පැදියට දමන පෙට්‍රල් ලීටරයක් නොමැති අපට මොන කේබල් කාර්ද?