
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට පෞද්ගලික youtube නාලිකාවක් ඔස්සේ කල් තියා ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරි නැමැත්තාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
සුදත්ත තිලකසිරි නැමැත්තා විසින් එම youtube නාලිකාව හරහා කළ බව කියන එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත එය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට දැනුම් දී ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල විශේෂ විමර්ශන ඒකකයට බාර දීමට නියමිත බව වුට්ලර් මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
එහිදී අධිකරණ සංකීර්ණය අසල විශාල ජනතාවක් ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නියැලුණහ.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර එහිදී රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තවත් නාට්‍යයක්, මේ රෙජීමයේ ඇමතිවරයෙක් යූටියුබ් කාරයෙක්ට පේන කියන්න කියලා කියනවා. පොලිසිය පියවර ගන්නවා කියලා පෙන්නන්න. එයාට ප්‍රතිඵලයත් පුරෝකථනය කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි. බදු ගෙවන්නන්ගේ මුදල් නාස්තියක්.
කෙහෙල් ගහට කොටපු දාට හොට පැටැලී ඇත...
පරිස්සමින්. ජනාධිපතිට කේන්ති යයි.
සුදත්ත විතරක් නෙවෙයි අපිත් කිව්වා චෝදනාවේ ස්වභාවය අනුව ඇප ලැබෙන්නේ නැහැ කියලා. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පෙරලලා බලන්නකෝ.
විපක්ෂයට දැන් එල්ලෙන්න පිදුරු ගසුත් හොයනවා වගේ
මොවුන් මේ රටේ යහපත් පුරවැසියන් නෙවේ . ත්‍රස්තවාදී ගතිගුණ ඇති නරුමයන් .
මීට වඩා ගොඩක් දේවල් ගිය කාලේ උනා. මේවගේ විමර්ශන උනේ නැහැ. කවුරූත් ඒ ගැන වද උනේවත් නැහැ. දැන් නීතිය අකුරටම ඕන වෙලා මිනිසුන්ට හොඳයි. අනුර මහත්තයෝ, ඔහොම යමු.
මේක මහ ගඳ ගහන කුහක, මිනිසුන්ට අපහාස කරන මිනිහෙක්. මූට දෙන්න ඕනේ රජකාලේ දඩුවම්. මූන්ගේ දෙමව්පියන් මුගේ මේ නොමනා හැසිරීමවලට වග කියන්න ඕන.
මොන විමර්ශනද? ඒකා කියන්නේ අපි කරන්න කියන දේ තමයි. විමර්ශනය කරලා රස්නේ ටිකක් අඩු උනාම ෆයිල් එක කුණුකූඩෙට දාමු.
මේ වෙලාවේ පොඩි රෙස්ට් එකක් ගන්න හමින්බර්ඩ් පැත්තෙ එන්න සුදා. ටික දවසකට පඟරනැට්ටා එන්නෙත් නෑ.
සමන් සුදාගේ යාලුවෙක් වගේ...
යූ ටියුබ් නාලිකා මුදල් උපයන මාර්ග බවට පත්කරගනිමින් කටයුතු කරන මේ මිනිස්සු නිසා තමයි මේ ආණ්ඩුත් පිරිහෙන්නේ...