
(අංජුල මහික වීරරත්න)
විකාශන අධිකාරි පනතට සදාචාරාත්මක නොවන අයුරින් මාධ්‍ය හසුරුවන ආයතන බිය විය යුතු බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
සදාචාරාත්මකව මාධ්‍ය හසුරුවන ආයතනය එම පනතට බියවිය යුතු නැතැයි ද මාරසිංහ මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට දැනටමත් පුළුවන්කම තිබෙන බව කී ආශු මාරසිංහ මහතා නමුත් එවැනි දෙයක් සිදු නොවන බව සඳහන් කළේය.
සමාජ මාධ්‍යවලට තද නීති අවශ්‍ය බවත් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කර ගැනීමෙන් පසු තමන්ට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙන බව කී මාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිරීති පනත් ලෙස සම්මත කර ගත යුතු යැයි ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කරපු වැඩවලට ඔයාට සදාචාරයක් තියනවා නම්, මෙහෙම ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡා තියන්න පුළුවන්ද?
තාම වඳුරන්ගෙන් බණ අහනවනේ අපි...
නියම සදාචාරයක් තියෙන කෙනෙක් කතා කරන්නේ. බල්ලොත් එක්ක ඉන්න ඒවා හොඳයි... මාධ්‍ය සදාචාරය ගැන කතා කරනවා.
ඔහේ හිතන්නේ අපිව ගොනාට අන්දන්න පුළුවන් කියලද? ඉංග්‍රීසි දන්නවානේ. බූත කියවන්න කලින් ඔය කෙටුම්පතේ වගන්ති එකින් එක කියවලා ඉන්නවා. එතකොට තේරේවි සදාචාරේ තියෙන්නේ කා ගාවද නැත්තේ කා ගාවද කියලා...
මාධ්‍ය පාවිච්චි කරන්නේ මහජනතාවට අයිති ගුවන් විදුලි සංඛ්‍යාතයි. ඒ අනුව මාධ්‍ය විසුරුවා හැරිය යුත්තේ තමන්ට හෝ තම දේශපාලන සහ ආර්ථික අවශ්‍යතාවයට හරියන නිවුස් නොවේ. රටේ සහ මහජන අවශ්‍යතාවයට ගැලපෙන ප්‍රවෘත්තියි. ඉතින් මාධ්‍ය විකාශන පනතින් ඕවා නියම අයුරින් පාලනය වේද යන්නයි ප්‍රශ්නය. අනිවාර්යයෙන්ම පාලකයින්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විධියට ක්‍රියාත්මක වේවි. ස්වාධීන කියා සිටින ඡන්ද කොමිසම වැඩ කරපු හැටි මතකයිනේ...
බල්ලට කතා කරන්න පුළුවන් නම් කියයි කාටද සදාචාරයක් තියෙන්නේ කියලා...?
නාග ලෝකෙන් කරඬු වඩම්මපු නාලිකා ගොඩක් බයවෙයි.
ඒවගේම මාධ්‍යත් සදාචාරාත්මක ලෙස හැසිරෙන්න ඕනේ. මාධ්‍යයට සදාචාරාත්මක ලෙස හැසිරෙන්න බැරි උන නිසයි මේ අලුත් පනත් මගින් පාලනය කරන්න හදන්නේ. අලුත් සමාජ මාධ්‍ය, ෆේස්බුක් සමාජට කරන damage එක බොහොම බරපතලයි.
දේසපාලුවන්ට කඩේ යන ජඩ මාද්‍ය ගැන වගේ වගක් නැහැ.
මේවට කියන්නේ වැදි බන කියලයි .නියම සදාචාරය අනුගමනය කරන කෙනෙක් ?
තුට්ටු දෙකේ දේශපාලන අදහස් නිසා තරුණ ළමා සිත් දූෂණය වේ.
සදාචාර සම්පන්න ම මිනිසා කථා කරයි
ඉජු ඉජු... ඉජු ඉජු....