(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර ඇති පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජුනි මස 22 වන දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, කුමුදිණී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
ගම්පහ වජිර පාරෙහි අංක 15/3, දරන ස්ථානයෙහි පදිංචි මාධ්‍යවේදී ෂෙනාල් ජයසේකර සහ පරිසරවේදියකු වන රංජිත් සිසිර කුමාර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, කොටුව සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, මාර්ග සංවර්ධන අධිකාරිය, මානව හිමිකම් කොමිසම සහ නිතිපතිවරයා ය.
පොලිසිය විසින් කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය සහ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකරනු ලැබ ඇති ස්ථිර මාර්ග බාධක හේතුවෙන් මහජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට ඇති මුලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර තිබිණී.
මේ හේතුවෙන් මහජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට නියෝග කර මෙම ස්ථිර මාර්ග බාධක යෙදීම තුළින් තමන්ගේත් ජනතාවගේත් මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, එම මාර්ග බාධක ඉවත් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නිතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය සහ නිතීඥ රවීන්ද්‍රනාත් දාබරේ යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටිහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd