(යොහාන් භාසුර )
ලංකා සතොස උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම මිල අඩුකිරීම් අද (15) සිට මේ මස 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස උසස් නිලධාරියෙක් පැවසීය.
සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940 ක් ද,
ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55කින් සහ ග්‍රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් ද අඩුකර ඇති බවද එම නිලධාරියා කීය.
දේශීය ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 20කින් ද, අනයනික සහ දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 15කින් ද, රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝවක මිල පිළිවෙලින් රුපියල් 15කින් සහ රුපියල් 5කින් ද, අඩු කළ බව එම නිලධාරියා සඳහන් කළේය.
කඩල කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර කර ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සතොස භාණ්ඩ 10 ක මිල අඩු කරයි
ක්ර්ෂ්ණා Friday, 15 December 2023 03:06 PM
ඔන්න ඔය සතොසත් විකුණලා දාපල්ලා...!
අරවින්ද මොනරවිල Friday, 15 December 2023 04:43 PM
රුපියල් දෙතුන් සීයකින් මිල වැඩිකරලා රුපියල් දහයක් පහළොවකින් අඩු කෙරුවාම ජනතාව රවටන්න සනසවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න තක්කඩි දේශපාලඥයින්ට හිරබත් කන්න වෙන දවස වැඩි ඈතක නැහැ...!