(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ දිලංගා ගෝමස්)

දෙහිවල සත්වෝද්‍යානරයේ තිබූ විශාල ගසක් අද (15) පස්වරුවේදී මුලින් උදුරා වැටීමත් දෙහිවල සත්ව විද්‍යානයේ ප්‍රධාන ආරක්ෂකයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කඩා වැටුණු ගස උද්‍යානයේ අභ්‍යන්තර විදුලිය රැගෙන යන විදුලි කණුවක ගැටී ඒ ආසන්නයෙන් තම දිවා ආහාර පාර්සලය රැගෙන ගමන් කරමින් සිටි  ආරක්ෂක නිලධාරි මහතාගේ හිසට විදුලි කණුව කඩා වැටී බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පස්වරු 5.30 ට පමණ මිය ගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ  උපුල් සෙනරත් මාරකන්ද යන දෙහිවල සත්ව උද්‍යානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාය.

මෘත දේහය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.