
(අංජුල මහික වීරරත්න)
පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් ඊට නායකත්වය ගැනීමට සූදානම්ද නැද්ද යන තීරණාත්මක එකඟතාවට මෙවර COP28 සමුළුවේ දී එළැඹිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි අතර සතුරා සිටින්නේ දොරටුව අභියස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ කෙරුණු අතර සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
පස්වැනි ආසියා පැසිෆික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදයේදී එකඟ වූ පරිදි, දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා 2024 පෙබරවාරි 6 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ශ්‍රී ලංකාව යෝජනාවක් ඉදිරිපත් කරන බවත් එම දේශගුණ යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳ නිර්මාණාත්මක සහ ක්‍රියාශීලී මැදිහත්වීම් සඳහා වේදිකාවක් සපයනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොරටුව අසල නෙවෙයි... නිල නිවසේ ඉන්නේ... රටේ වාසනාවට තව මාස කීපයකින් සතුරා ගෙදර...!
ජාතියේ සතුරා නම් තක්කඩින්ගේ අතේ එල්ලිලා රජ පුටුවට ගොඩවුණා. අනෙක් සතුරෝ ගැන නම් එච්චර දැනුමක් නෑ... මොකද විදුලිබිල ඇවිල්ලා මොළේ හොල්මන් වෙලා ඉන්නේ..!
දැන් නම් සතුරා ඉන්නේ ඩුබායිවල... ඕනෑ තරම් හිටියට කමක් නෑ...
ඔබලාට වඩා සතුරෙක්... කොහෙද රටේ ජනතාවට.. තොලොන්චි වෙන්නේ කවද්ද කියහන්කෝ...?
රටේ වාසනාවට සතුරෝ සෙට් එක එන ප්ලේන් එක කඩන් වැටුණොත් රට ටිකක් හරි ගොඩ..
රටේ සහ ජාතියේ සතුරා දැන් සිටින්නේ ඩුබායිවල බවත්, මෙය කිසිසේත් කල් මරමින් සිටිය නොහැකි බවත්, රටේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ජනතාවට කඩිනමින් ක්‍රියාත්මක වී, තීරණාත්මක එකඟතාවට එළැඹ, දියවන්නාවේ කාලකන්ණි පොතක අපතයින් 226 ම මීළඟ මැතිවරණයේදී සදහටම ගෙදර යවන්න ඕනෑ...!!!
හොරු ටික විතරයි, අඹුව ගෙනිහිල්ලා නෑ වගේ...!
කවුද? සාගලද?
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...!
ලියන්න දෙයක් නෑ කට්ටිය ඔය සහ සුද්දෙන්ම, ජං පිනා ගැන ලියලා තියෙනවා. අනුන්ගේ ඇඟේ තියෙන කුණු බිංදුව පෙන්නන එකාට එයාගේ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නේ නෑ...
එතකොට ඔයා මිතුරා, යන්න ලොක්කා පී කතා නොකියා... මිතුරි පාවිච්චි නොකරපු කරුමේ තමයි මේ...!
සමන්... ඒත් වැඩ බලන අඹුව ගෙනියන්න ඇතිනේ...!
සතුරා වැඩබලනවා මේ දවස්වල, පරිස්සමෙන් ඉන්න...!