IMG-LOGO

සත්තු වත්තටත් කන්න නෑ

(අංජුල මහික වීරරත්න)

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට වත් මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙි.

 වනජීවි දෙපාර්තමේන්තුවේදී අද (31)පැවැති සාකච්ඡාවක දී සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් මෙි බව පවසා ඇත.

 විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම මෙන්ම  ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු නිසා  සත්වෝද්‍යාන වල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව නිලධාරීන් දැනුම් දී තිබෙි.

රජය  අයවැය ලේඛණය මඟින් වෙන් කරන ලද මුදල් ද මෙි වන විට අවසන් ඇති බව නිලධාරීන් පවසා ඇත.

සත්වෝද්‍යානවලට ආහාර සැපයුම කළ සැපයුම්කරුවන්ට මේ වනවිට රුපියල් මිලියන 59ක මුදලක් හිඟ මුදල් ගෙවීමට සිදුව ඇතැයි ද  මෙම වසරේ ඉදිරි කාලය සඳහා අඩු තරමින් රුපියල් මිලියන 120ක් අවශ්‍යව තිබෙන බවද නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

මෙහිදී කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි අදාල  මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගන්නා බවයි.



අදහස් (2)

සත්තු වත්තටත් කන්න නෑ

jagath liyanage Wednesday, 01 June 2022 06:34 AM

මොන අපරාධයක්ද දෙයියනේ මේ රටට වෙන්න යන්නේ. ඔය සත්තු ටිකට කන්න දෙන්න බැරි නම් කැලේකටවත් අහහරින්න.. මැරෙන්න දෙන්න එපා.. පවු..! 

:       0       3

Hafeel Wednesday, 01 June 2022 09:01 AM

අගමැතිගේ සහන අය වැයට සත්වෝද්‍යානයත් ඇතුලත් කරන්න කියමු.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 489 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 301 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site