
(ඩයනා උදයංගනී)
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී ඇත.
සත්ව හුවමාරු වැඩසහටනක් යටතේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම සත්වයා ලැබුණු බව එහි ප්‍රකාශකයකු පැවසීය.
විදේශීය සත්වොද්‍යානවලින් සතුන් ලබා ගැනීමේ ප්‍රධානතම මාර්ගය සත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වන නමුත් 2019 වසරින් පසුව ඇතිවූ කොවිඩ් 19 වසංගත තත්වය සමඟ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සත්ව හුවමාරු වැඩසටහන් වසර තුනකට ආසන්න කාලයක් නතර වී තිබිණි.
එම වැඩසටහන් නැවතත් අරඹමින් මෙම ජගුවර් සත්වයා පෙරේදා (26) දෙහිවල සත්වෝද්‍යානයට ලබාගැනීමට හැකි වූ බව ද එම ප්‍රකාශකයා කීවේය.
නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම පිරිමි සත්වයා, වසරේ නෙදර්ලන්තයේ රෝයල් ආ(ර්)ටිස්ට් සත්වෝද්‍යානයේ සත්ව හුවමාරු වැඩසටහන හරහා 2019 වසරේ දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු කලු ජගුවර් ගැහැණු සත්වයාගේ සහායකයා ලෙස ලබාගත් බව ද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට ජගුවර් සත්වයා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතර, සුදුසු පරිසර තත්ත්වයට හුරු කළ පසු කලු ජගුවර් සිටින ස්ථානයට යොමු කර ජගුවර් පවුලක් ලෙස ජනතාවට දැකබලාගැනීමට සලස්වන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ගෙවන්න ලංකාවට එවලා බඩගින්නේ ඉන්න වෙන්නේ...
මේ සතානම් හිතන්නේ... ජීවිත කාලයටම ‘‘ලංකාවේ සිරගත වුණා කියලා නේද? පව්...!
පව් අප්පා.. ඇයි මෙයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව තනිවම එව්වේ?
මේ සතා දන්නවා නම් මයිනලා, කපුටලා, කලිසමාලා තමයි මේ රටේ පාලකයෝ කියලා... පවු අහිංසක සතා බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ..!