
(බිමල් ජයසිංහ සහ චමිලා අල්විස්)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
හොරණ ඉලිබ කොස් වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු එලෙස පිළිස්සුම් තුවාල ලබා තිබේ.
තුවාල ලද පුද්ගලයා තුන් මුලස් රතිඤ්ඤාවක් ගිනි දල්වා මදක් ඈතට විසිකර ඇති අතර එය පිපිරී නොයාම හේතුවෙන් ඒ අසලට ගොස් පරීක්ෂා කිරීමේදී එකවර ව ඇතිවූ පිපිරීමත් සමඟම ඔහුගේ දකුණු අතේ මැණික් කටුව අසලට, උදර ප්‍රදේශයට ඇතුළු ශරීරයේ ස්ථාන කීපයකටම දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇතැයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
ඔහු ශල්‍ය කර්මයකට ලක් කිරීමට නියමිතව ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
රතිඤ්ඤා දල්වමින් කිසිදු සැමරුම් උත්සවයක් නොකරන ලෙස ජාතික ජන බලවේගයෙන් නිවේදනයක්ද නිකුත් කර තිබිණි.
හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පණාවල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එපා කිව්ව දේවල් කරල තමයි මේ රටට මේ තරම් විනාසයක් වුනෙත්. ඒ නිසා මුලින්ම කියන දේ අහන්න පුරුදු වෙන්න
හුඟ දෙනෙක් ඔය සම්ප්‍රදායික ගොන් වැඩේ කළේ නැහැ. ඒත් මේ මිනිහා ඒක නොදැන වගේ... වෙනදා ජනාධිපති පත් වුණාම පොදු තැන්වල, බස්වල මුහුණ අලවනවා දැකලා තියෙනවා. ඒ වගේ ගෝත්‍රික වැඩවලට තිතක් තබමු..
අලුත් ජනතාවකුත් ඡන්දයක් තියලා පත්කර ගන්න වෙයිද මන්දා...?
ඉතින් මෙවැනි ජනතාවක් එක්ක තමයි නව ජනාධිපති තුමාට ඉදිරියට යන්න වෙන්නෙ .