
(රෝෂන් තුෂාර)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂිකාරයෙකු ලෙස නොව සැකකරුවකු ලෙස නම්කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට අද (09) නියෝග කළේය .
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් මහතා මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂි විභාගය මග හරිමින් විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් වයස හම්දි දැරියගේ වම් වකුගඩුව අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරීමට 2022දෙසැම්බර් 22 වන දින කළ ශල්‍ය කර්මයෙන් මාස හයකට පමණ පසුව දකුණු වකුගඩුවද නොමැතිව දරුවා මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගය කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
ඊයේ මෙම පැමිණිල්ල පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ වෛද්‍යවරයාට අදාළ සාක්ෂි විභාග කිරීම සඳහා කැඳවීය.
දැරියගේ ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජයකෝන් මහතාගේ සාක්ෂි ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවීමට නියම කර තිබුණද ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇති විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබාදීම මගහරිමින් සිටින බවට පෙනී යන බව ද රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වකුගඩු ජාවාරමට කප් ගහපු විශේෂඥ වෛද්‍යවරු ඉන්න රටක් මේක... අර ගොමා මාෆියා සංවිධානයේ ප්‍රබලයෙක් තමයි මේවාට ඉල්ලුමට අනුව ගනුදෙණු පහසුකම් සපයන්නේ... පහුගිය කාලේ දේශපාලන බලය නිසා ඕවා යට ගැහුවා...
ඔහු ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කොහේද? ඒ විස්තර පල කරන්න. ඒවා මෙහේ ටීවී නාලිකාවකට දුන්නා නම් ඔවුන් පැය 24න් ඔහුව පොලිසියට හොයලා දේවි. දැන් අවුරුදු ගාණක් ඉස්සර ළමා අපචාර කරලා ඕස්ට්‍රේලියාවෙන් පැනලා හැංගිලා හිටි එකෙක්ව පොලිසියටවත් හොයන්න බැරුව ඉන්න අතරේ චැනල් 9 නාලිකාවෙන් හොයාගෙන පොලිසියට දුන්නා.
@බද්‍රානි, මෝඩ කතා කියන්න එපා. කිසිදු සාක්ෂියක් නොමැතිව වෘත්තිකයන්ට පමණක් චෝදනා නොකරන්න.
මමනම් කියන්නෙ වැරැද්ද වැරැද්ද විදියට දකින්නෙ නැතුව මෙම සහගහන අපරාධය සාධාරණීයකරණය කරන්න අශ්ව ලාඩම් ඇඳ ඇඳ තමන්ගෙ සහචරයින් කොයි වැරැද්ද කලත් දොස්තර කම නිසා වරද හංගන්න සමාජ ජාල වල හෑලි ලියපු දොස්තරලත් අත්තඩංගුවට ගත යුතුය. මොකද එකක් ඔවුන් වෛද්‍ය විද්‍යාව හරියට ඉගෙන ගෙන නෑ. අනික මිනී මැරුමකට අනුබල දීම. ඒ වෙනුවෙන් පෙනී සිටීම