
(යොහාන් භාසුර)
විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන් බව එහි සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය.
ඒ අනුව හෙට සහ අනිද්දා (3 සහ 4) සති අන්තයේ රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු කිරීමටත්, ලබන සදුදා (5 වැනිදා) දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැය බැගින් ද පැය දෙකක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd