(රංජිත් රාජපක්ෂ)
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් අද (09) සිට පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන අතර දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගීන් බස් රථ ගණනාවක් ධාවනයට එක්කර ඇත.
හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ශ්‍රී පාද වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව විවෘත කර ඇති අතර , එම විශ්‍රාම ශාලාව තුළ වන්දනාකරුවන්ට අවශ්‍යය පහසුකම් සලසා ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කීය.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අවශ්‍යය ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළික් ආරම්භ කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසීය.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගෙන් පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙසත් එසේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් දිවා රාත්‍රි දෙකේ රාජකාරියේ යොදවා ඇති බවයි.
තවද ශ්‍රී පාද පුද බිමේ පරිසරය රැක ගැනීම සඳහා කැළි කසළ අපද්‍රව්‍යය සහ පොලිතීන් පරිසරයට සහ මාර්ගය දෙපස බැහැර නොකරන ලෙසත් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් දිය නාම සිදු නොකරන ලෙසටත් පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතලට බෝතල් භාගයක් විතර ගෙනිච්චට වරදක් නැතුව ඇති.
පළවෙනි රූපයෙන් පෙනෙනවා යන මගේ පරිසරය වනසලා තියන හැටි...
කොච්චර එපා කිවුවත් මග දිගට දමලා තියෙන පොලිතින් ගොඩෙන් පේනවා කරුණා කරන අයගේ මොලේ තරම......................
දීර්ඝ සති අන්තවල මෙහෙම ගමන් යනව කියන්නෙ මහ මෝඩ වැඩක්. එක පාරක් මම ගිහින් මහගිරිදඹේ එක පඩියක් නගින්න පැය බාගයක් ගියා. දීර්ඝ සති අන්තවල කොළඹ නුවර, කොළඹ රත්නපුර, ගාල්ල පාරවල්වල යන්න බැරි තරමට මාර්ග තදබදය. ඒ නිසා මම දැන් කරන්නෙ දීර්ඝ සති අන්තවල හොඳට ගෙදරට වෙලා ඉන්නවා. ඇවිදින්න යනවනම් නිවාඩුවක් දාලා යනවා.
මමත් ශ්‍රී පාදේ ගියා 9 වෙනිදා. අපේ මිනිස්සු දන්සල් වලින් ලැබෙන ආහාර පාන හැමතැනම හලලා විකාර කරලා තිබ්බා දැක්කා. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක.