IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’ස්ටාර් ලින්ක්’ බලපත නිකුත් කරන්න මහජන අදහස් විමසයි

(ජේ.ඉඳුරුවගේ)


ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා පුළුල් පරාස දත්ත සේවාව සැපයීම සඳහා ඉල්ලුම් කර ඇති සීමාසහිත ස්ටාර් ලින්ක් ලංකා පුද්ගලික සමාගම වෙත අදාල බලපත්‍රය ලබාදීම පිළිබඳව මහජන අදහස් විමසීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි.

ඒ අනුව  මහජනතාවට  සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට  මේ පිළිබඳව  සිය අදහස් හා විරෝධතා ඇත්නම් ඒවා  ජුනි 24 දක්වා  මෙම  කොමිෂන් සභාව වෙත   ඉදිරිපත් කළ හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

එලෙස ලැබෙන අදහස් හා විරෝධතා සළකා බැලීමෙන් පසු අදාල නීති රීති හා කොන්දේසිවලට එකඟව  ස්ටාර් ලින්ක් සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර් ජාල දත්ත සේවාව දිවයින තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වූ බලපත්‍රය නිකුත් කිරීමට  සළකා බලමින් සිටින බව වාර්තා වේ.



අදහස් (2)

’ස්ටාර් ලින්ක්’ බලපත නිකුත් කරන්න මහජන අදහස් විමසයි

ලලිත් Sunday, 09 June 2024 04:09 AM

මිනිස්සු කැමති වුණත් නැතත් ගිවිසුම ගහන්න ඕන ඡන්දෙන් පස්සේ.. නැතිනම් මුන් අර සංචාරක වීසා වලින් වගේ ඉල්ලන් මස්ක් ගෙනුත් මැරෙනකල් බැංකුවට ගාණක් එන්න හදා ගනී.

:       0       0

Ruwan Sunday, 09 June 2024 09:41 AM

මේ තමයි වසරේ විහිළුව. ඉතින් ඔය විදියටම පුළුවන්නේ මහජනතාවට අනෙකුත් අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් වෙන අසාධාරණය ගැනත් අදහස් විමසන්න. ඇයි එහෙම නොකර ඉන්නේ. මේ රටේ දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන්නන් ඉතාමත් කපටි සහ අසාධාරණ විදියට මිනිස්සුන්ගේ මුදල් ගසාකනවා. ඉතාමත් පහත් මට්ටමේ පහසුකම් ඉතා ඉහළ මිල ගණන්වලට ලබලා දෙන්නේ ආසියාවෙන්ම ලංකාවේ විතරයි.

:       1       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site