
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි හමාස් සංවිධානය පැවැසීය.
හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව ඉවක් බවක් නැතිව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, එම ප්‍රාණඇපකරුවන් 55 දෙනා මියගිය බවය.
හමාස් සටක්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. ප්‍රාණ ඇපයේ සිටින වැඩි දෙනා කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමාස් ත්‍රස්තයින් විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද පිරිස අතරින් කුමන ප්‍රමාණයක් මිය ගිය ද ඒ සියල්ලට වගකිව යුත්තේ හමාස් ත්‍රස්ත සංවිධානයි. ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයේ ස්වකීය ගම්බිම් වල වාසය කළ ජනතාව සහ අන්‍ය රාජ්‍යවලින් පැමිණ වාසය කළ ජනතාව බලහත් කාරයෙන් පැහැර ගෙන යෑම හේතුවෙන්ම ඒ පැහැර ගැනීමට ලක් වූ ජනතාවගේ ජීවිත අනාරක්ෂිත විය. පැහැරගත් දින සිට දින 20 ක් ඇවෑමෙන් 55 ක් මිය ගියේ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් බව කීම ලෝක ජනතාවට විහිළු සැපයීමකි. මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට කරන බලවත් අවමානයකි. පැහැර ගත් පිරිසට සියලු ආකාර ආරක්ෂාව සැපයීමත් නිරුපද්‍රිතව නිදහස් කිරීමත් හමාස් ත්‍රස්තයිගේ වගකීමය. ප්‍රාණ ඇපයට ගත් පිරිස නිදහස් කිරීමට ඕනෑතරම් කාලය තිබිණි. එය නො සලකා හැරීමේ වරද හමාස් ත්‍රස්තයින් සතුයි. ලෙඩ-දුකකින් හෝ දේශීය අභ්‍යන්තර පහර දීමකින් හෝ ඊශ්‍රායල පහර දීමකින් හෝ අන්‍ය රාජ්‍ය පහර දීමකින් හෝ හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් මිය යාම, තුවාල වීම, ආබාධිත වීම ආදී සියලු හිංසා පීඩාවලට හමාස් ත්‍රස්තයින් වගකිව යුතුයි. මේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි...!
මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක රාජ්‍ය නායකයන්ගේ මැදිහත් වීම මෙයට වඩා අපි බලාපොරොත්තු වෙමු...
හමාස් ත්‍රස්තයින් විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලද පිරිස අතරින් කුමන ප්‍රමාණයක් මියගියද ඒ සියල්ලට වග කිව යුත්තේ හමාස් ත්‍රස්ත සංවිධානය. ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයේ ස්වකීය ගම්බිම් වල වාසය කළ ජනතාව සහ අන්‍ය රාජ්‍යවලින් පැමිණ වාසය කළ ජනතාව බලහත් කාරයෙන් පැහැරගෙන යෑම හේතුවෙන්ම ඒ පැහැර ගැනීමට ලක් වූ ජනතාවගේ ජීවිත අනාරක්ෂිත විය. පැහැරගත් දින සිට දින 20 ක් ඇවෑමෙන් 55ක් මියගියේ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් බව කීම ලෝක ජනතාවට විහිළු සැපයීමකි. මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට කරන බලවත් අවමානයකි. පැහැර ගත් පිරිසට සියලු ආකාර ආරක්ෂාව සැපයීමත් නිරුපද්‍රිතව නිදහස් කිරීමත් හමාස් ත්‍රස්තයිගේ වගකීමයි. ප්‍රාණ ඇපයට ගත් පිරිස නිදහස් කිරීමට ඕනෑතරම් කාලය තිබිණි. එය නොසලකා හැරීමේ වරද හමාස් ත්‍රස්තයින් සතුයි. ලෙඩ-දුකකින් හෝ දේශීය අභ්‍යන්තර පහර දීමකින් හෝ ඊශ්‍රායල පහර දීමකින් හෝ අන්‍ය රාජ්‍ය පහර දීමකින් හෝ හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් මිය යාම, තුවාල වීම, අබාධිත වීම ආදී සියලු හිංසා පීඩාවලට හමාස් ත්‍රස්තයින් වගකිව යුතුයි. මේ ප්‍රාණ ඇප කරුවන් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම ප්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි.