(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව එම ගිවිසුම ඇති කර ගැනීමට ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේය.
ඒ අනුව තාවකාලික සටන් විරාම ගිවිසුම 30 වැනිදින උදෑසන දක්වා ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන ජාතිකයන් නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් කටාර් රාජ්‍ය පැවැසුවේය.
තවාකාලික සටන් විරාම ගිවිසුමේ හතරවෙනි දිනයේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල කාන්තාවන් 9 දෙනකු සහ ළමයින් දෙදෙනෙකු නිදහස් කළ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පැවැසුවේය.එසේම එම ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත් අඩංගුවේ පසුවූ පලස්තීන ජාතිකයන් 33 දෙනකු ඊශ්‍රායලය නිදහස් කළ බව එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.එම පලස්තීන ජාතිකයන් 33 දෙනාගෙන් 30 දෙනකු ළමුන් බවත් 3 දෙනකු කාන්තාවන් බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය වාර්තා කළේය.
ඒ අනුව තාවකාලික සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ දින 4 ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙක් සහ පලස්තීන ජාතිකයන් 150 දෙනෙක් නිදහස ලබා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සටන් විරාම ගිවිසුම දින දෙකකින් දිගු වෙයි