
(අංජුල මහික වීරරත්න)
අතීතයේ යාපනයේ පැවති "යාපනය ගුරු සිරිත" රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ඒ අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ගුරු වෘත්තීය ආදර්ශයක් විය යුතු බවත් සටන් පාඨ කියමින් මහ පාරේ උද්ඝෝෂණය කරනවා නම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බවත් පැවසු ජනාධිපතිවරයා වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේ පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.
උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනෙකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබවින්ම යාපනයේ බොහෝ ගුරුවර ගුරුවරියන් දකුණේ ඒ වර්ගයේ අයට ආදර්ශයක්. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් දකුණේ ගුරුවරුන් තරම් දේශපාලනීකරණය නොවීම විය හැක. ස්ටාලින් සහ මහින්ද ජයසිංහගේ කය්වාරුවලට ඔවුන් දකුණේ අය තරම් හසු නොවීමත් උතුරේ ළමුන්ගේ වාසනාවකි.
තමන් කුසගින්නේ සිටිමින් හෝ දරුවන්ට ඉගැන්වීම කල ගුරු දෙවියන් සිටියේ අතීතයේ කියලා කියන්න පුළුවන් මම එහෙම කියන්නෙ අපිට හිටපු ගුරුවරු ඇත්තටම අපේම දෙමාපියන් වගේමයි දැන් කාලයේ වගේ මුදලට උපකාරක පංති එතුමන්ලා කලේම නැහැ ඒකට දැන් කාලයේ ගුරුවරු ගැන තියෙන්නෙ ඉතාමත් වේදනාවක්
රැවටෙන්න එපා, සටනින් තොරව මෙයාලත් එක්ක ගනුදෙනු බැහැ. එහෙම උනානම් රෝයල් සංස්කෘතිය විතරයි .
ද්‍රවිඩ අධ්‍යාපනය විනාශ කිරීමට යාපනය පුස්තකාලයට ගිනිතිබ්බේ කවුද ????
ගුරුවරුන්ට ලැබෙන පඩි වරප්‍රසාද ගොඩක් අඩුයි... මේ පාලකයෝ උත්සාහ කරන්නේ ගුරුවරුන්ට මොන අසාධාරණ සිදු වුණත් ඔවුන් දරාගෙන ඉන්නවා දකින්න. ඒ තුළින් නිර්මානාත්මක දක්ෂ ගුරුවරු බිහිවෙනවාද? අධ්‍යාපනය ඕනෑවට එපාවට කරන ගුරු සංස්කෘතියක් තුළ දෙමාපියන් දරුවන්ව පෞද්ගලික පාසැල් වෙත යොමු කරයි.
ජනාධිපති මැතිවරණයේදී බලාගන්න පුළුවන් ප්‍රතික්ෂේප වෙන කෙනා... දැනටමත් ඉන්නේ තුන්වෙනි තැනට...
පුතේ රැවටෙන්න එපා, පොඩ්ඩක් හොයලා බලන්න හැමදා බලේ ඉන්න දකුණු ආසියාවේ හොදම පුස්තකාලය ගිනි තිබ්බෙ කවුද කියල්ලා. ඒ කරලා දකුණයි උතුරයි බෙදපු අය දැන් හදන්නෙ ගුරු සිසුන් කොටවන්න.