IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සටන් පාඨ ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා‘

(අංජුල මහික වීරරත්න)

අතීතයේ යාපනයේ පැවති "යාපනය ගුරු සිරිත" රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ඒ අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගුරු වෘත්තීය ආදර්ශයක් විය යුතු බවත් සටන් පාඨ කියමින් මහ පාරේ උද්ඝෝෂණය  කරනවා නම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බවත්  පැවසු ජනාධිපතිවරයා වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි යාපනය තන්දයි සෙල්වා  ශ්‍රවණාගාරයේ පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි. 

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනෙකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු  අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.

 



අදහස් (8)

‘සටන් පාඨ ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා‘

එරංග Sunday, 26 May 2024 12:17 PM

සැබවින්ම යාපනයේ බොහෝ ගුරුවර ගුරුවරියන් දකුණේ ඒ වර්ගයේ අයට ආදර්ශයක්. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් දකුණේ ගුරුවරුන් තරම් දේශපාලනීකරණය නොවීම විය හැක. ස්ටාලින් සහ මහින්ද ජයසිංහගේ කය්වාරුවලට ඔවුන් දකුණේ අය තරම් හසු නොවීමත් උතුරේ ළමුන්ගේ වාසනාවකි.

:       14       20

Suraguru Sunday, 26 May 2024 01:09 PM

තමන් කුසගින්නේ සිටිමින් හෝ දරුවන්ට ඉගැන්වීම කල ගුරු දෙවියන් සිටියේ අතීතයේ කියලා කියන්න පුළුවන් මම එහෙම කියන්නෙ අපිට හිටපු ගුරුවරු ඇත්තටම අපේම දෙමාපියන් වගේමයි දැන් කාලයේ වගේ මුදලට උපකාරක පංති එතුමන්ලා කලේම නැහැ ඒකට දැන් කාලයේ ගුරුවරු ගැන තියෙන්නෙ ඉතාමත් වේදනාවක්

:       2       22

සෙනෙවිරත්න Sunday, 26 May 2024 01:30 PM

රැවටෙන්න එපා, සටනින් තොරව මෙයාලත් එක්ක ගනුදෙනු බැහැ. එහෙම උනානම් රෝයල් සංස්කෘතිය විතරයි .

:       20       18

සිරා Sunday, 26 May 2024 01:35 PM

ද්‍රවිඩ අධ්‍යාපනය විනාශ කිරීමට යාපනය පුස්තකාලයට ගිනිතිබ්බේ කවුද ????

:       9       12

Dilshan Sunday, 26 May 2024 04:18 PM

ගුරුවරුන්ට ලැබෙන පඩි වරප්‍රසාද ගොඩක් අඩුයි... මේ පාලකයෝ උත්සාහ කරන්නේ ගුරුවරුන්ට මොන අසාධාරණ සිදු වුණත් ඔවුන් දරාගෙන ඉන්නවා දකින්න. ඒ තුළින් නිර්මානාත්මක දක්ෂ ගුරුවරු බිහිවෙනවාද? අධ්‍යාපනය ඕනෑවට එපාවට කරන ගුරු සංස්කෘතියක් තුළ දෙමාපියන් දරුවන්ව පෞද්ගලික පාසැල් වෙත යොමු කරයි.

:       7       8

Sunil Monday, 27 May 2024 09:28 AM

දිල්ශාන් කොල්ලො මෝඩයෙක් වගේ බෙරිහන් දෙන්න එපා යකෝ වැටුප් වැඩිවීම් දෙනවිට සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් චක්‍ර එකතුකර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත්කරනවා ඒකක් අරගෙන රාජ්‍ය සේවයේ ගුරුවරු හා අනෙකුත් නිළධාරි වැටුප් පරිමාණ කොහොමද කියලා සසදා බලාපන් නිකම්ම මොකෙක් හරි කිව්වා කියලා ඒකම හරි නොකියා සිහිබුද්ධියෙන් විචාරා බලන්න ඉගෙන ගනින්. කියන එකා මොනවා කිව්වත් අහන එකා සිහිබුද්ධියෙන් අහන්න ඕන

:       1       1

Saman Sunday, 26 May 2024 05:27 PM

ජනාධිපති මැතිවරණයේදී බලාගන්න පුළුවන් ප්‍රතික්ෂේප වෙන කෙනා... දැනටමත් ඉන්නේ තුන්වෙනි තැනට...

:       1       0

දිසා Sunday, 26 May 2024 10:04 PM

පුතේ රැවටෙන්න එපා, පොඩ්ඩක් හොයලා බලන්න හැමදා බලේ ඉන්න දකුණු ආසියාවේ හොදම පුස්තකාලය ගිනි තිබ්බෙ කවුද කියල්ලා. ඒ කරලා දකුණයි උතුරයි බෙදපු අය දැන් හදන්නෙ ගුරු සිසුන් කොටවන්න.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site