IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


සජිත්ගෙන් සුසිල්ට ආරාධනයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඡන්ද කටේ පළාත් පාලන ආයතන වලට බෙදන්නට වෙන් කළ රුපියල් ලක්ෂ සීයක මුදල ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීම සඳහා අධ්‍යාපන  අමාත්‍යාංශයට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම මුදල් වලින් ස්මාර්ට් පන්ති කාමර දහයක් හදන්නට හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  මහතාද පිළිගත් බව විපක්ෂ නායකවරයා කීය.

"අධ්‍යාපන අමාත්‍යතුමාට කොහෙන් වත් ආරාධනාවක් ලැබුණේ නෑ. ඒ උනත් මගෙන් නම් ආරාධනාවක් තිබෙනවා. යාලු හිතවත් කමට නෙමෙයි, ඔබතුමාගේ දැනුම කේන්ද්‍ර කරගෙනයි මා ඒ ආරාධනාව කරන්නේ" යනුවෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඡන්ද කටේ තබාගෙන වැරදි වැඩ කරන්න එපා යැයි කී විපක්ෂ නායකවරයා  අනිවාර්යයෙන්ම එවැනි ක්‍රියා අභියෝගයට ලක් කරන බවද  සඳහන් කළේය. බංකොලොත් රටක කිසිම වග වීමක් නැතිව මෙලෙස කටයුතු කරන්නේ ඇයි දැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.



අදහස් (5)

සජිත්ගෙන් සුසිල්ට ආරාධනයක්

මහසෙන් Wednesday, 08 May 2024 12:31 PM

දැනුම කේන්ද්‍ර කරගෙන ආරාධනා කරනවා කියන්නේ එතකොට ඔයාට වඩා දැනුම තියෙන තවත් අය ඉන්නවා කියලා පිළිගන්නවද? අනික ඔයා හිතන්නේ මේ ස්මාර්ට් කාමර වලින් විතරක් අධ්‍යාපනය දියුණු වෙනවා කියලාද? එහෙන් ගන්නවා මෙහෙන් බෙදනවා. හැබැයි ඒවා දෙන්නේ කවු ද කියලා අහන්න කවුරුත් නෑ, කියන්න කෙනෙකුත් නෑ.

:       6       25

අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 04:07 PM

මෙයාගේ දැනුම කොතරම් හොදට කේන්ද්‍රීය වෙලා තියෙනවාද කිව්වොත් පුරවැසියෙක් නොවන හොර වැසියෙක්ව පක්ෂයේ උප ලේකම් කරගෙන, නාමයෝජනා පවා අත්සන් කරවා ගෙන දැන්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර පමණක් නොවෙයි, පක්ෂයේ පැවැත්ම පවා අභියෝගයට ලක්වෙන තරමට මෝරලා තියෙන්නේ.

:       3       10

Saththaya Wednesday, 08 May 2024 04:21 PM

ස්මාර්ට් කාමර දාල රෑ ඉස්කෝල දැම්මනම් මේ වගේ උගතුන් විශාල පිරිසක් රටට බිහි කරන්න තිබුන .

:       0       9

පිටරටවැසියා Wednesday, 08 May 2024 05:14 PM

"උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු" කියලා රැකියාවලට තෝරනකොට මෙයාගේ දැනුම කේන්ද්‍ර වෙලා තිබුණේ කොහේද?

:       2       8

සෙනෙවිරත්න Thursday, 09 May 2024 01:33 PM

ඇමැති තුමෝ ඔහෙත් මෝඩ තමයි ,ඒත් මෙච්චර නැහැ, ඒක නිසා මෙයා කියන ස්මාට් කතා නැතිව වහලවල් තෙමෙන ඉස්කෝල හදන්න, වැසිකිලි නැති ඒවට වැසිකිළි දෙන්න, ළමයින්ගෙ බඩ පුරවන්න. මෙයාට ස්මාට් ලෙඩේ, හිඟන්නන්ට පව්ඩර් දාල මොකටද මුල හිටන්ම නාවල අලුත් ඇඳුම් අන්දනව මිස.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු
2024 මැයි මස 19 3 0

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර


කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 213 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 205 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 1632 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 262 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1021 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 803 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site