
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උපදෙස් දුන්නේය.
18 දින රාත්‍රියේ සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් රැසක් සම්පුර්ණයෙන් ජලයෙන් යටව තිබිමත් ගම්මාන රැසක දරුවන්ට පාසල් ඒමට පවතින ගැටළුත් සැලකිල්ලට ගනිමින්
වයඹ ආණ්ඩුකාරවරයා ලබා දුන් නියෝගයක් මත වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරිය විසින් පුත්තලම හා හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත 19 දින සවස මෙම නියෝගය ලබා දීම ක්‍රියාත්මක කරන ලෙස දන්වා තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.