IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සජසයෙන් සැලුන් දොරක්

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණය සහ සමඟි ජන සන්ධානය ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  විපක්ෂ නායක කාර්යාලයේදී  පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවකදී මේ බව සාකච්ඡා කළ බවත් ඔහු කීවේය.

ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කළ බවත් එම අඩුපාඩු සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඉදිරි මැතිවරණ සහ පක්ෂ කටයුතු සමගියෙන් ඉදිරියට ගෙන යාමටත් අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවත් ඔහු තවදුරටත් කීවේය.  



අදහස් (10)

සජසයෙන් සැලුන් දොරක්

ජයනාත් Monday, 23 September 2024 09:14 PM

ඔතන ඉන්නව තමුන් ඇතුළු ගෙදරට ගාල් කරල තියන්න ඕන පිරිසක් . ජනතාව බලා ගනීවි .

:       5       63

Nandasena Monday, 23 September 2024 09:37 PM

අපි ගා,ල, පීරිස් වගේ අයටත් තිත්ත අත්තනායක වගේ අයටත් කැමති නැහැ කොහොම වුනත් සජබ නායක දේශපාලනය ආරම්භ කල පක්ෂය කඩාගෙන සමගිව නැතිකර එජාප පාක්ෂිකයන් අනාතයෝ කල ඔබලාට සහයෝගයක් දැක්වීම කරන්න බැහැ ඔබලාට තියෙන්නෙ සමගි ජන බලවේගයක් නම් සමගිය තහවුරු කිරීමට එජාපය සමග එකතුවෙලා ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කර රට ආරක්ෂා කරන්න එහෙම නොවුනොත් පුතාණෝලා දෙදෙනාට පමණක් නොවෙයි වෙනත් කිසිවෙකුට නැවත බලයට එන්න නම් බැරිවේවි

:       18       35

SurainMonday, 23 September 2024 11:44 PM

Unp එකේ හෝ ගාලා හොරු .ඒක නිසා හොරු එක්ක එකතුවෙන්න sjb පාක්ශිකයො වන අපි ඉඩ දෙන්නෙ නැහැ ! දවල් හීන වෙන අයත් එක්ක කතා කර ගන්න

:       0       0

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 09:55 PM

අසාර්ථක දියාරු නායකත්වයට දකින දකින කුණු ගොඩවල් එකතු කරනවා හැරෙන්න දියුණු හා සාර්ථක වැඩපිලිවෙලක් නැහැ. රනිල් වගේම පැරදිලා ඉතිහාස ගත වෙන්නයි සූදානම් වෙන්න සජිත් බේබි.

:       14       56

pjTuesday, 24 September 2024 04:39 AM

අමතක කරන්න එපා.. 57% ක් ඔය අමන රැළට විරුද්ධයි

:       0       0

ගමේ එකාලා Monday, 23 September 2024 11:02 PM

නමින් නම් සමගි ජන බලවේගය ,ඒ උනාට සමගියක් තියෙන බවක් පේන්ඩ නැහැ.පක්ෂේ අය පැන්නා දූෂිතයෝ එකතු උනා.මාරුවෙන් මාරුවට බලයේ හිටපු දූෂිත දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .

:       2       4

පොඩිඑකා Monday, 23 September 2024 11:28 PM

කක්කුස්සිවලට මොකාද යකෝ සැලුං දොරවල් දාන්නෙ...?

:       0       0

Victor pasduwa Tuesday, 24 September 2024 06:39 AM

රාජිත ,වෙල්ගම වගේ කුණු ගොඩවල් නැතුව

:       0       5

sam Tuesday, 24 September 2024 02:34 PM

ඔය කිරිඇල්ලගේ හෝටන්තැන්න ඉඩම් ගැන පරීක්ෂණයක් කළොත් හොඳයි.. ඒවාත් ජාතික ධනය

:       0       6

Perera Wednesday, 25 September 2024 12:24 AM

කුණු ලොරිය ඇවිල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site