(නිමල කොඩිතුවක්කු)
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරණය සහ සමඟි ජන සන්ධානය ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවකදී මේ බව සාකච්ඡා කළ බවත් ඔහු කීවේය.
ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කළ බවත් එම අඩුපාඩු සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඉදිරි මැතිවරණ සහ පක්ෂ කටයුතු සමගියෙන් ඉදිරියට ගෙන යාමටත් අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ඉන්නව තමුන් ඇතුළු ගෙදරට ගාල් කරල තියන්න ඕන පිරිසක් . ජනතාව බලා ගනීවි .
අපි ගා,ල, පීරිස් වගේ අයටත් තිත්ත අත්තනායක වගේ අයටත් කැමති නැහැ කොහොම වුනත් සජබ නායක දේශපාලනය ආරම්භ කල පක්ෂය කඩාගෙන සමගිව නැතිකර එජාප පාක්ෂිකයන් අනාතයෝ කල ඔබලාට සහයෝගයක් දැක්වීම කරන්න බැහැ ඔබලාට තියෙන්නෙ සමගි ජන බලවේගයක් නම් සමගිය තහවුරු කිරීමට එජාපය සමග එකතුවෙලා ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කර රට ආරක්ෂා කරන්න එහෙම නොවුනොත් පුතාණෝලා දෙදෙනාට පමණක් නොවෙයි වෙනත් කිසිවෙකුට නැවත බලයට එන්න නම් බැරිවේවි
අසාර්ථක දියාරු නායකත්වයට දකින දකින කුණු ගොඩවල් එකතු කරනවා හැරෙන්න දියුණු හා සාර්ථක වැඩපිලිවෙලක් නැහැ. රනිල් වගේම පැරදිලා ඉතිහාස ගත වෙන්නයි සූදානම් වෙන්න සජිත් බේබි.
නමින් නම් සමගි ජන බලවේගය ,ඒ උනාට සමගියක් තියෙන බවක් පේන්ඩ නැහැ.පක්ෂේ අය පැන්නා දූෂිතයෝ එකතු උනා.මාරුවෙන් මාරුවට බලයේ හිටපු දූෂිත දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .
කක්කුස්සිවලට මොකාද යකෝ සැලුං දොරවල් දාන්නෙ...?
රාජිත ,වෙල්ගම වගේ කුණු ගොඩවල් නැතුව
ඔය කිරිඇල්ලගේ හෝටන්තැන්න ඉඩම් ගැන පරීක්ෂණයක් කළොත් හොඳයි.. ඒවාත් ජාතික ධනය
කුණු ලොරිය ඇවිල්ලා...!