
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත
ඒ අතර වෙඩික්කරු, පලායාමට යොදාගත් වෑන් රථයේ රියදුරු ,සහ වෙඩික්කරු අධිකරණය අසලට රැගෙන ආ මෝටර් රථයේ රියදුරද වන බව පොලිසිය කියයි
අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙනඇත්තේ වෙඩික්කරුට වෑන් රථය ලබාදීම සම්බන්ධයෙන්ය
එම වෑන් රථයේ චැසි හා එන්ජින් අංකයන් ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා බවට මේ වෙන විට තහවුරුවී ඇත
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා පන්නිපිටිය කොට්ටාව පදිංචිකරුවෙකි ඔහු 37 හැවිරිදි ය
අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි විදිහට නම් තුවාළකරැව රෝහලට යැවිය යුත්තේ ගිලන් රථයකින් වුවද ඒසේ සිදු නොවිණි. ඩිපෙන්ඩරයේ පිටුපසට ඇතුළ් කර අතහැරියේ සතෙකු ලෙසය. ඊට පෙර අැසුණු කතා බහද පැහැදිළිවම රෙකෝඩ් වී තිබිණි. නැවත අසා බලන්න. මේ අයවද අත්අඩංගුවට ගතයුතු නැතිද?