(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන ආ අතුරුදන් කාන්තාවගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්ව්න්දි නැමැත්තියගේ මව සහ සහෝදරයායි.
වයස අවුරුදු 23 සහ 48 පසු වන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවන්ගේ මුහුණු ප්‍රසිද්ධ කිරීම. එක එච්ච්චර හොඳ දෙයක්ද? මම නං දන්නේ නැහැ ඉතින්.
හොඳ තීරණයක් අඩුම වශයෙන් මෙයා තම මව ගැන සිතලා හරි ඉදිරිපත් විය යුතුයි.
ගුණරත්න ඔහෙ දන්නෙ නැත්තං මක්කැයි දොඩන්නෙ?
මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ලංකාව වගේ දූපත් වල පමණි . දරුවන් වරදක් කළ පමණින් පවුලේ අනිකුත් අය ඇතුළට ගැනීම සදාචාරාත්මක නැත.
සැකකරුවන් වෙනුවෙන් පවුලේ අය අත් අඩංගුවට ගැනීම නම් හොද දෙයක් නොවෙයි. ඒක මානව හිමිකම් කඩ කිරිමක්ද විය හැකියි. ඒ වගේම මේක නරක පූර්වාදර්ශයක්, ඒ වගේම එහෙම කරන්න පොලිසියට නීතිමය බලයක් තියෙනවාද කියලා සොයා බලන්න ඕනා.
මල පෙරේත ආත්මයක් ලබන්න හිතපු කෙනෙක්... මිනිස් මවුකුසක දුර්ලභ මනුෂ්‍ය භාවයක් ලැබලා... ඊළඟ භාවය එහෙනම් හිතාගන්න පුළුවන්...
ලංකාවේ එවුන්ගේ ඔලු හොදටම නරක් වෙලා. රිලව් බේරගන්න පොල් එලවලු පලතුරු ඉන්දියාවෙන් ගෙනෙන්නලු. අලි බේරගන්න කෝච්චි නවත්තලා බස් දාන්නලු. පාතාලේ එවුන් මරපු මිනී ගැන වැඩිවෙන තරමට STF ගැන වැඩි කරලා වෙනම කෑම බීම විතරක් නොවෙයි ඇතුලේ ජිම් දාගන්න වැලි කොට්ටත් දෙනවා. අර මිනි මරණ ගෑනිගේ මුහුණ පෙන්නන එකට දරු දුක පහල වෙලා. වෙඩි තියපු එකා හන්දියා කියලා ගෑණු ලවු. මාර රටක්. මාර ජනතාවක්. මේ කතාකරන එවුන්ගේ අම්මා මැදපෙරදිග බැලමෙහෙවරට යවලා ඒ සල්ලි වලින් කාල බීලා ජැන්ඩියට ඇදගෙන මානව හිමිකම් දෙසා බානවා. "කැද බිවුවත් කට්ට කෙලින්" ජාතියක්.
ගුණරත්න, එතකොට මුහුණ නැතිව මොකක් පෙන්නලාද හොයාගන්න පුළුවන් ?
හමුදාව පොලීසිය ලොකු වුනාට අපරාධ අඩු කරන්න බෑ.මොලේ තියෙන බුද්ධිමත් අවංක නිලධාරීන් ටීක දෙනෙක් හිටියම ඇති.නව තාක්ෂණය සහ අපරාධ විද්‍යාව ගැන දෑනුවත් විද්‍යාත්මක දත්ත සමාලෝචනය හැකි අය වැඩි වැටුපට ගන්න ඕන. අනිත් අය රූකඩ නාට්‍ය කලාව ගැන මතක් කරනව විතරයි.
මෙම සිද්ධිය ඉතාම බරපතල තත්වයක්, 88-89 භිෂණය සිහි ගන්වන අවස්ථාවක්, නිතිය මොකක් වුනත්, අපරාධකරුවන්ගේ පවුල් සාමාජියින් ප්‍රාණ ඇපයට ගැනීම අතිශයින්ම අයුක්ති සහගතය. එසේ කිරිමෙන් කිසිදු අපරාධයක් මැඩලිය නොහැක.
ප්‍රශ්න කරලා තොරතුරු ගන්න එක හොඳයි
මේක නම් ඉතාම පහත් වැඩක්. නම් ගම් තොරතුරු පොලිසියට ලැබිලා තියෙද්දී කිසිම දෙයක් කලේ නැති පොලිසියේ ලොක්කෝ, උසාවියේ චෙක් කවුන්ටරේ ආරක්ෂකයෝ , නැවතිලා හිටියා හොටෙල් වල අයිතිකාරයෝත් අත් අඩංගුවට ගන්න.
පළමු වරට මම අරවින්ද මොනරවිල සමඟ එකඟ වෙමි. මෙයා පක්ෂ පාට අතර දෝලනය නොවන කෙනෙක් තමන්ගේ පැත්තෙන් මේ දෙස බැලුවොත් සිදු වි ඇත්තේ සදාචාරාත්මක නොවන දෙයක්
ලංකිකයන් ලෙස, අපි ප්‍රභාකරන්ගේ හෝ පාස්කු ඝාතකයින්ගේ පවුලේ අය පිටුපස හඹා නොගියෙමු .මෙම නව ප්‍රවණතාවයට අපි සැම පක්ෂ පාට නොබලා හෙලා දකිමු .මෙය ඉතා පහත් නින්දිත ක්‍රියාවකි .