
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විධායකය අධිකරණයට කරනු ලබන බව කියන අතපෙවීම් හෙළා දැකීම සදහා සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා යෝජනාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට කතානායක කාර්යාලයේදී අද (6) බාර දුන්හ.
මෙම යෝජනාවට විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 35 දෙනෙකු අත්සන් තබා ඇත.
ජනාධිපතිවරයා මැයි දින රැලියේදී මැයි 25 වැනිදා නඩු තීන්දුවක් ප්‍රකාශ කරන හෙයින් එම තීන්දුව සැමරීමට සූදානම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි බවත් එමගින් විධායකයේ බලපෑමක් හෝ අතපෙවීමක් පිළිබඳ හැඟීමක් ඇතිවන බවත් ලිපියේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd