IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සජබ - හතළිස් එක හවුලක් අත ළඟ

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය ලබාගැනීම සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර තීරණාත්මක හමුවක් අද (25) දහවල් පවත්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කාර්යාලයේ පැවති එම සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින්, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , දොස්තර රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එස් එම් මරික්කාර් යන මහත්වරුන් ද, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල දයාසිරි ජයසේකර සහ ටිරාන් අලස් යන මහත්වරුන් ද සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් එකසිය පහළොස් දෙනකුගේ අත්සන් ලැබී ඇති බවත්, එය ලබන 03 වැනිදා කතානායකවරයාට භාර දෙන බවත් සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් එහිදී පෙන්වා දී ඇත.

ආණ්ඩුවට බහුතරය නැති බව පෙන්වීමේ පරීක්ෂණයක් ලෙස ලබන 4 වැනිදා නියෝජ්‍ය කථානායක තේරීමේ අවස්ථාවේදී ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් අයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇත.

ඒ හරහා ලබාදෙන පණිවුඩයත් සමග විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට ඇත.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පක්ෂ නායකයන්ගෙන් සමන්විත විධායක සභාවක් පත් කිරීම හා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.

එසේ පත් කරනු ලබන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව දාහතත් විසිදෙකත් අතර විය යුතු බවට ද එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.

ආණ්ඩුවට එරෙහිව අරගලයේ යෙදී සිටින ජනතාවගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවටද එහිදී තීරණය වී ඇත.

 



අදහස් (0)

සජබ - හතළිස් එක හවුලක් අත ළඟ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 528 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2257 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site