IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සජබ මහා පා ගමන මහනුවරින් කොළඹට ඇදෙයි

(නිමල කොඩිතුවක්කු ජේ. ඒ. එල් ජයසිංහ, තෙල්දෙණිය චන්දන උඩුවාවල, මහනුවර ෂේන් සෙනෙවිරත්න)

ඉන්ධන මිල ඉහළ දැමීම, විදුලි කප්පාදුව, ජීවන බර ඉහළ යාම, ආන්ඩුවේ මර්දනකාරී වැඩ පිළිවෙළ ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද වලට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා සිදුකරන සමගි ජන බලවේගයේ දින හයක දැවැන්ත විරෝධතා පා ගමන අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලින් අද  උදෑසන ආරම්භ විය.

විරෝධතා පා ගමට පැමිණි ජනතාවගෙන් මහනුවර නගරය පිරි ඉතිරි ගිය අතර විරෝධතාවට එක් වූ ජනතාවට නොදෙවනි ජනතාවක් මග දෙපස රැඳී සිටිමින් විරෝධතා පාගමන දිරිමත් කිරීමට කටයුතු කළේය.

“ජන පීඩකයින් එලවන ජන බලවේගය” ලෙස නම් කර ඇති මෙම විරෝධතා පා ගමන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පමණ ආරම්භ කෙරිණ.

විරෝධතා පා ගමන සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් මහනුවර නගරයේ ගමනා ගමන කටයුතු සඳහාද බාදා එල්ල විය.

මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලට පස්වරු 9.00 ට පමණ රැස්වූ විරෝධතාකරුවන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතා පාගමනටට පෙරවරු 10.00 ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වූ අතර එතැන් සිට පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතා පාගමනේ නිරත විය.

 



අදහස් (0)

සජබ මහා පා ගමන මහනුවරින් කොළඹට ඇදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 725 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1142 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site