IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සජබ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

පළාත් සභා  ඡන්දයට ඉදිරිපත්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්  ඉවත්ව පළාත් සභාවට තරඟ කරන්නට සූදානම් බව කී විපක්ෂ නායකවරයා  කැපකිරීම්,පරිත්‍යාග කර පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කරවන්නට සමගි ජන බලවේගය සූදානම් බව කීය.

2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට සහ එක් ජනාධිපතිවරණයකටත් පළාත් පාලන මැතිවරණයකටත් තරඟ කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයට පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 1773ක් සිටින බවත් විපක්ෂ නායකවරයා කීය.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවට සමගි ජන බලවේග ප්‍රධාන  කාර්යාලයේ දී එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.



අදහස් (12)

සජබ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න යයි

dula Saturday, 11 October 2025 04:31 PM

අනේ අබිලිං එජාපෙ කඩාගෙන ඇවිත් මොන ලබ්බක්ද ඔයි ඔහෙලා achieve කලේ . මෝඩ කමයි උද්දච්ඡ කමයි ඔහේගේ ඇඟ පුරාම. නැත්නම් ඔහේ අද අගමැති. ඊළඟ පාර ජනපති.

:       12       39

MATARA SUNILSaturday, 11 October 2025 04:47 PM

මේකට හා හා බොත්තමක් දාන්න විදියක් නැද්ද?

:       0       21

අබා Saturday, 11 October 2025 07:34 PM

බෑ මේක අයිති කාරයා රට කාපු පරම්පරාවක.... ඒ නිසා රට කන වැඩවලට පුල් සපෝට්

:       0       0

තංගල්ලේ මෙත්-මල්Saturday, 11 October 2025 05:10 PM

ඩී. එස්. සේනානායක - ලංකාවට පූර්ණ නිදහසක් එපා, අපි හවුලේ පාලනය කරමු කියපු නිදහසේ පියා. බ්‍රිටිෂ් ලයිබ්රරි ඇන්ඩ් ආර්කයිව් එකේදී ලිපිය දැකගත හැකියි.

:       4       25

පුවක්දණ්ඩේ විමලේSaturday, 11 October 2025 05:12 PM

කැපකිරීම්, පරිත්‍යාග කිරීම් කරන්න ඕනෑ නම් රට හදන වෙලේ වර්තමාන ආණ්ඩුවට උදව්කරන එකයි කරන්න ඕනෑ.

:       8       52

chathuri Saturday, 11 October 2025 06:37 PM

රට නැත්තනටම නැති කරලා දැන් ද කැපවීම් කරන්නේ. උඹලා ඕව්වා ගෙදරදි කියපන්. මිනිසුන්ට කියන්නේ නැතිව. රට ගැන ජනතාව ගැන හිතන්නේ. මේ ආණ්ඩුව විතරයි. මේ අල්ලපු කුඩුකාරයෝ පාතාලයේ කට්ටිය උඹලා හිටියා නම් අල්ලපු පොලිස් නිලදාරියව ගෙදර අරිනවා. උඹලා නැවත පුට්ටු වෙන්නේ එකට එකතු වෙලා. ඔය කට්ටිය නිදහස් කරන්න. ඕනම ජරා වැඩක් කරන්න. මිනිසුන්ට ඉඩ දෙන්න. මොකද උඹලට පගා කන්න අනිත් හොර වැඩ. කරන්න ලේසි නිසා. ඔය කැපකිරිම් කරන කට්ටිය අතුගාලාම දායි. වත්තෙ පිටියෙ වැඩක් කරන් ඉන්න. උඹලට මේ රට නැවත ලැබෙන්නේ නැහැ.

:       1       0

ලයන් Saturday, 11 October 2025 06:44 PM

බලන්න ඔය කියන එකෙක්වත් අස්වෙන්නේ නෑ. දන්නවා අත්වෙන ඉරණම

:       1       0

Pankumburage Saturday, 11 October 2025 06:59 PM

මුජිබර් නම් ආයේ යන්නේ නැහැ.

:       1       1

Gamage Saturday, 11 October 2025 07:37 PM

උඹලට ඡන්දෙ දෙන්න අපි මැරිලා ඉපදුනේ නෑ බං

:       1       1

ලක් අම්මා Saturday, 11 October 2025 09:01 PM

ළාමක ටින් ටින්ගේ කැපකිරීම් සහ පරිත්‍යාග ගැන මොනවට කියනවද? අනේ මගේ කට. පොළොන්නරුවේ හාල් මෝල් කාරයාගෙන් ඇහැව්වොත් තවත් කියාවි ?

:       0       1

අරවින්ද මොණරවිල Saturday, 11 October 2025 09:50 PM

පලාත් පාලන ඡන්දයේදී මුජිබර් වෙච්චි සන්තෑසියම ඔය ඉල්ලා අස්වෙන හාදයින්ටද සිද්ධ වෙයි, අන්තිමට මහ ඇමැතිකමත් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් නැහැ.

:       0       1

de silva Sunday, 12 October 2025 01:41 AM

ඔබතුමාට පිස්සුද? පළාත්සභා ඡන්දේ කියන්නේ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ වගේ අත්‍යවශ්‍ය ඡන්ද නොවේ... ආණ්ඩුවක් පළාත්සභා මැතිවරණ තියන්නේ ආණ්ඩුවට වසිදායක මොහොතක... ආණ්ඩුවට 20% ඡන්ද ගන්න බැරි මේ අවස්ථාවේ මොලේ තිබෙන ආණ්ඩුවක් ඡන්දේ තියනවාද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site