
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ අසමගිය පෙන්නුම් කරමින් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ සඳහන් කරුණු එකිනෙකට පරස්පර විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මතුගමදී පැවසීය.
සජබෙ එක කල්ලියක් සැමට ජයක් යනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරද්දී අනෙක් කල්ලිය "Bulu print 03" යනුවෙන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙන බව කී ජනාධිපතිවරයා එක පැත්තක ජී .එල් සහ නාලක ගොඩහේවා සිටින අතර අනෙක් පැත්තේ හර්ෂ ,එරාන් සහ කබීර් සිටින නමුත් මේ දෙපාර්ශවයම යා යුතු ඉසව්වක් ගැන හරියාකාරව නොදන්නා බව සඳහන් කළේය.
තමාට සිටින "ටීම් එක" කවුදැයි ප්‍රශ්න අසන බව කී ජනාධිපතිවරයා ජනාධිපති ඡන්ද තියන්නේ ටීම් තෝරන්න නොව ජනාධිපති තෝරන්න යැයි පැවසීය.
ඊළඟ මහ මැතිවරණයේදී ටීම් එක තෝරා එවන්නට ජනතාවට අයිතිය ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ ප්‍රතිපත්ති ගැන වුණත් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...!
AKD රටේ මීළඟ ජනාධිපතිවරයා වෙයි!!
කන්න දුන්න අත හපා කන ප්‍රතිපත්තිය තමුන්නාන්සේලාගේ තියෙන්නේ
පොර හොදටම බයවෙලාද කොහේද?
ඕවා තේරුම් ගන්න ඔබතුමා නාකි වැඩියි.
ගමේ එකාලාගේ කතාව නම් සහතික ඇත්ත. කාලෙකට රැඩිකල් වෙනස, තව කාලෙකට ලිච්චවි එක, දැන් ඔන්න ථෙරවාදී එකක්ලු.
රටේ පළවෙනි පක්ෂයත් කාලා තමන්ගේ වැඩපිළිවෙළකුත් නැතිව අනුන්ගේ මගුල් ගැන කතා කරනවා.
මේ මනුස්සයා ජනාධිපතිකමට ඉල්ලනවද නැතිනම් අච්චු කන්තොරුවක සූදුපත් කියවන රස්සාවකට ඉල්ල්ලනවද ?
අනුන්ගේ ඒවා හොයන්නේ නැතිව තමන්ගේ විශාම දිවිය ගත කරන විදිය සැලසුම් කර නම් හොදයි නේද මේ දවස් වල. ඒකත් අපිට බරක් වෙලා ඉන්නද කල්පනාව. දැන් වත් හරියට දෙයක් සැලසුම් කරලා අවසාන කාලේ සතුටින් ඉන්න.
ඔබතුමා කවද්ද සාස්තරකාරයෙක් උනේ ! චන්දෙන් පස්සෙ වෙන වැඩක් ලැබෙන්නෙ නැති නිසා දැන්ම සාස්තර කියන්න ඉගෙන ගන්නවා වගේ ! හැබැයි පටන් ගන්නෙම බොරු සාස්තර කියමින් නේ
ඔබේ දේශපාලනයද කරන්නේ නැත්නම් සජිත් සහ අනුර කුමාරගේ ඡන්ද ව්‍යාපාරයේ ඔත්තු බලනවාද?
දශක හතරක් විතර මහජන මුදලින් වරප්‍රසාධ භුක්ති විඳිමින් කරපු කෙන්ගෙඩියක් නැහැ .දැන් අනුන්ගේ රෙද්දවල් හොයනවා
අනුන්ගේ මගුල් හොයනවා ඇරෙන්න වෙන දන්න දෙයක් නැහැ...