(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රජයේ හෙංචයියන් කියනවා මෙන් සමගි ජනබලවේගයේ ඔලුගෙඩි සෙල්ලම් නොමැති බවත් තම පක්ෂය සන්ධාන ගත වෙන්නේ මහජන සේවයට පමණක් බවත් - විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රජයට සම්බන්ධ ඇතැම් මාධ්‍ය කණ්ඩායම් මුදල් ලබා ගෙන වැරදි ප්‍රචාර ගෙන යමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.
සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු ඇමතිවරයකුට සුර සැප විදිය නොහැකි බවත් ඔවුන්ට අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජනතාවට පරාර්ථකාමී සේවාවක් ඉටු කිරීම අනිවාර්්‍ය බවත් විපක්ෂනායකවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවේචන, චෝදනා නොමැති විසදුම් ලබාදිය හැකි අලුත් දේශපාලනයක් සදහා පුරවැසියන් පෙළගැසෙනු ඇත
හරි හරි ඔයා හරිම අවංක පරිශුද්ධම කෙනා . අර වැස්සේ තෙමෙනදාස වගේ මෝඩයෙක් නෙමේ . අපි එහෙම පිලිගන්නම් හොඳේ . ඔය තමයි ඊළඟ ජනාධිපති හොඳේ . සුට් එක මැදලම තියාගන්න හොඳේ
අපි නොදන්නා සජබේ .ඇමතිකමක් දෙනවා කිව්වොත් ඔකේ ඉතිරු වෙන්නේ ඔයා විතරයි .සමහර විට ඔයත් නෑ
කව්රුත් මුලින් කියන්නේ ඔලුගෙඩි සෙල්ලම් නොමැති බව තමා. පස්සේ වෙන දෙයක් කරන්නේ.
සජිත් ගොය්යෝ ඔයා මේ ඉල්ලන් කන ගේමකට යන්නේ.ඔය හොර රාජපක්සගේ තක්කඩින්ව තමන්ගේ පක්සේට අරගෙන දිනන්න තියෙන දිනුම නැති කර ගන්නවා.ඔය රාජපක්සල බේරෙන්න කරන ගේමක්.දැනටමත් ඔයාට චන්දෙ දෙන්න හිටපු අය ගොඩක් හැලිගෙන යනවා.ඔය දීරච්ච ලනු කන්න එපා.ඔය පනින ඔක්කොම පට්ට හොරු.