
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පුන්‍යකර්මයක් අද (12) පැවැත්විණි.
කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ස්වාමීන් වහන්සේ 17 නමක් සඳහා මෙම දානමය පුන්‍යකර්මය පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා විපක්ෂනායකවරයාගේ පවුලේ සමීපතමයින් සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත්වල නියැලී ආශිර්වාද ලබා ගැනීමද මෙහිදී සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජලනි ප්‍රේමදාස, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ශෝක දිනයක් නේද... ඒ දිනය?
කල් ඉකුත්වීමට ආසන්නයි වගේ නේද? තරුණ උගත් නායකත්වයකට ඉඩ දෙන්න ඕන නේද?
මීපාසානම් ටිකක් දෙන්න ඔකට තුන්වේලම