
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු මර්දනය සඳහා බඳවා ගෙන සිටින ශ්‍රමිකයන්ගේ සේවය වහා ස්ථිර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඩෙංගු නැවතත් බරපතළ වසංගතයක් බවට පත්ව තිබෙන බවද ඩෙංගු මර්දන කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් මෙම පිරිසගේ රැකියා ස්ථිර කරන්නැයිද ප්‍රේමදස මහතා කීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:- විපක්ෂ නායක තුමා සමඟ මම 100% ක් එකඟයි. මොවුන් 2016 වසරේ දී බඳවා ගත්ත පිරිසක්. මේ අයට මූලික සුදුසුකම් කිසිවක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට වසර අටක් වැඩ කර තිබෙනවා. ශ්‍රම බලකායට රැකියා දෙනවා නම් මොවුන් ද ස්ථිර කළ යුතු බවට කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ට ගෙවන්නේ දවසට රුපියල් හත්සියයි. ඔවුන් ඉන්න එකත් පුදුමයි.නැවත වතාවක් ඔවුන් ස්ථිර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි
උස නම් ඩෙංගු සිකියුරිටි කොට නම් ඩෙංගු මර්දනයට බඳවා ගමු. හැබැයි පක්ෂ සමිතියේ ලියුම අනිවාර්යෙන්ම ඕනේ.