IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


සජිත් නැතිනම් එජාපයට ජයක් ගන්න බෑ - දිලිප් වෙදආරච්චි


(රන්න චන්ද්‍රසේන ගමගේ)
 
 ‘‘ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අළුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණයේ වාසිය එ.ජා.ප.යට ලබා ගැනීම සඳහා  රටපුරා අළුත් අපේක්ෂකයන් හොය හොයා යා යුතු නෑ. ජනතා ආකර්ශනයක් ඇති නායකයෙක් එක්සත් ජාතික පක්ෂය තුළ ඉන්නවා. ඔහු වෙන කවුරුවත් නොවෙයි.

එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට දැනුම් දෙන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තොරව ඉදිරි ජනාධිපතිවරණයේදී එ.ජා.ප.යට ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකියි.‘‘ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (01) පෙරවරුවේ තංගල්ල ධීවර වරායේ පැවති උත්සවයකදී පැවසීය.

ධීවර අමාත්‍යාංශය සතු ධීවර වෙළඳසැල් සඳහා මසුන් ධීවරයාගෙන්ම මිලදී ගැනීමේ නව ක්‍රමවේදය තංගල්ල ධීවර වරාය තුළින් ආරම්භ කරමින් රාජ්‍ය ඇමතිවරයා එසේ පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර රජ්‍ය අමාත්‍යවරයා, ‘‘මේ වෙනකොට ධීවර අමාත්‍යාංශය සතු වෙළඳ සැල් සමූහය රුපියල් කෝටි 70ක් ණය වී තිබෙනවා. කොහොමද මේ තරම් මුදලක් ණය වී තිබෙන්නේ? මේ රටේ බලයේ සිටි අය වගේම මෙම අලෙවිසැල් සමූහය පාලනය කරන ලද අය ගසා කෑම නිසා අද ධීවර අමාත්‍යාංශය සතු වෙළඳසැල් සමූහය අක්‍රීය වී තිබෙනවා.

පසුගිය පාලන කාලයේදී තමන් ගේ හිතවතුන්ට ධීවර අමාත්‍යාංශය සතු මළු තොග ලබා දුන්නා. හිතවතුන්ගේ උත්සව වලට ලබා දුන්නා. දන්සැල් වලට මාළු ලබා දුන්නා පමණක් නොව තම දෙමාපියන්ගේ දාන වලටත් මෙම මාළු තොග රැගෙන ගොස් තිබෙනවා. ඒ නිසා මේ රටේ ජාතික සම්පතක් වූ ධීවර අමාත්‍යාංශය ණය කාරයෙක් බවට පත් කළා. ඒ වගේම සමහර නිලධාරීන්ද මේ අමාත්‍යාංශය තුළ හොරකම් කළා. ඒ නිසා මේ අමත්‍යාංශය මෙවැනි අගාධයකට වැටී තිබෙනවා.

ධීවර අමාත්‍යාංශය සතු ණය ගෙවා ක්‍රමවත් ආකාරයකට මෙය දියණු කිරීම සඳහා අගමැතිතුමා රුපියල් කෝටි  30ක් මාසිකව අපට ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. එම මුදලින් මෙම ණයවලින් කොටසක් හෝ ගෙවා මේ රටේ ජනතාවට මත්සයින් ලබාදීමට අප කටයුතු කරනවා.‘‘ යැයි වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

සජිත් නැතිනම් එජාපයට ජයක් ගන්න බෑ - දිලිප් වෙදආරච්චි

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක
2024 මැයි මස 07 238 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි
2024 මැයි මස 07 178 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ ක


මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්
2024 මැයි මස 07 368 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (


වෙල්ගමට මැතිසබෙන් මාස තුනක නිවාඩුවක්
2024 මැයි මස 07 826 0

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කළේය.


මෙරට නිල සංචිත ඩොලර් බිලියන පහ පනියි
2024 මැයි මස 07 716 1

ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (07) පැවැත


ඇප වැඩි කළාට පෙරටුගාමීන් එරෙහි වෙයි
2024 මැයි මස 07 592 0

මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 543 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1990 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1763 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site