(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසි විටෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
වර්තමාන ජනාධිපතිවරයා බස් පදවන්නේ නැති නිසා සජිත් ඔහුට අභියෝගයක් නොවෙි යැයි ද සජිත් ගන්නා ක්‍රියාමාර්ග ගැන එජාපය වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතැයි ද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
සහනාධාර දී රට දියුණු කරන්න බැරි බව ද රංගෙ බණ්ඩාර මහතා කීය.
සජිත් කවදාවත් තීරණාත්මක මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කී රංගෙ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරන අවස්ථාවේදීත් මුලදී කෑ ගසමින් සිට ඡන්දයත් ඉල්ලා අන්තිමේදී ඩලස් අලහප්පෙරුම ඉස්සරහට දාමා පැත්තකට වූ බවද ඉදිරියේදීත් වෙන්න නියමිත ඔය දේම යැයි ලියා තියාගන්නැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ගෙයි, ඔහෙලගේ පිනාගෙයි වැඩි වෙනසක් නැති බව මතක තියාගන්න.
මෙයා ප්‍රබලම සාමාජිකයෙක් තමයි රනිල් ඵක්ක ඵකතු වෙලා UNPය පොළවටම සමතලා කරපු. මේ නසනාරින් රාජපක්ෂලගේ ලණු කාලා මහා කුළුණක් වගේ තිබ්බ UNP පක්‍ෂය විනාශ කරලා වලපල්ලටම යැව්වා. මේ තිරිසනුන්ට හොඳක් නම් වෙන්න හොඳ නැහැ.
ඒ වුණාට සජිත්ට ජනවරමක් තියනවා. අදටත් සජිත් තරග බිමේ ඉන්නවා. ජනතාවට යමක් කරනවා. ඔයාලාට පහුගිය මහ මැතිවරණයේදී ඇපත් නැතුව ගියා. අදටත් ඔයාලා ඇතුළු පොහොට්ටුව ඡන්දයට බයයි. ඔයාලාගේ අකිලයි, වජිරයි පළාත් පාලන ඡන්දය කල්දාන්න එක එක දේවල් කියනවා. කෙසේවෙතත්, සජිත්ට ලක්ෂ 55 ජනවරමක් තිබුණා. ඔයාගේ රනිල්ට තිබුණේ දියවන්නාවේ හොරුන් 133 දෙනකගේ වරම පමණයි. ඔයාත් අදටත් ගෙදරට වෙලා ඉන්නේ ඔය රනිල් නිසා තමයි...
පවු නිකන් දොඩවනව
පසුගිය චන්දෙන් ආනමඩුවෙන් චන්ද 1,946 අරන් කයිවාරු ගහන හැටි
ඔක්කොම එකයි...
සජිත්ට බැරි බව දන්නවා.. ඔයාලා පුළුවන් නම් ඡන්දයක් තියන්නකෝ.. එතකොට ජනතාව බලාගනියි.
ඡන්දයෙන් හොඳටම පරාදවෙලා දැන් ලොකු කතා... ඊළඟ ඡන්දෙනුත් මේ වගේම එජාපයත් පරාදයි.. ශුවර්. මෙයා දන්නේ නැහැ මිනිස්සු පොහොට්ටුවන්ට බනින තරම... එජාපය විනාශයි. සජිත්ගේ මයිල් ගහක්වත් වටින මනුස්සයෙක්ද මේ...?
ඇත්ත, වර්තමාන ජනාධිපතිවරයාට බස් පදවන්න බැහැ. බැංකු සුද්ද කරන්න විතරයි පුළුවන්...
මෙදා සජිත්ට ගෝඨාභයා වඩා ඡන්ද ලැබෙනවා සත්තයි