IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සජිත් නොකරන දෙයක් ගැන රංගෙ කියයි

(අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසි විටෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයා  බස් පදවන්නේ නැති නිසා සජිත් ඔහුට අභියෝගයක් නොවෙි යැයි ද  සජිත් ගන්නා ක්‍රියාමාර්ග ගැන එජාපය වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතැයි ද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සහනාධාර දී රට දියුණු කරන්න බැරි බව ද රංගෙ බණ්ඩාර මහතා කීය.

සජිත් කවදාවත් තීරණාත්මක මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කී රංගෙ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරන අවස්ථාවේදීත් මුලදී කෑ ගසමින් සිට ඡන්දයත් ඉල්ලා අන්තිමේදී ඩලස් අලහප්පෙරුම ඉස්සරහට දාමා පැත්තකට වූ බවද ඉදිරියේදීත් වෙන්න නියමිත ඔය දේම යැයි ලියා තියාගන්නැයි ද පැවසීය.



අදහස් (16)

සජිත් නොකරන දෙයක් ගැන රංගෙ කියයි

Perera Wednesday, 28 December 2022 01:00 PM

සජිත්ගෙයි, ඔහෙලගේ පිනාගෙයි වැඩි වෙනසක් නැති බව මතක තියාගන්න.

:       12       11

ajith Wednesday, 28 December 2022 05:55 PM

සජිත් අනුන්ගේ දේවල් ඔහුගේ පුද්ගලික මුදල් පරිත්‍යාගයෙන් බෙදන්න සූරයා, දන්සැල් වගේ, ඔහුට නායකත්ව ලක්ෂණ නැත. ඔහු කෙටි මාර්ගවලින් බලයට පැමිණීමට උත්සාහ කරන පුද්ගලයෙකි. ඔහුටම ගැලපෙන බලය සහ තනතුරු වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායමක් ඔහු සමග සිටියි. ඔහුගේ කණ්ඩායම බුද්ධිමත් කණ්ඩායමක් සිටියේ නම් ඔවුන් කිසිදිනෙක සජිත්ට UNP පක්ෂයෙන් ඉවත්වීමට සහයෝගය දක්වන්නේ නැත...

:       1       2

සන්ක Wednesday, 28 December 2022 01:15 PM

මෙයා ප්‍රබලම සාමාජිකයෙක් තමයි රනිල් ඵක්ක ඵකතු වෙලා UNPය පොළවටම සමතලා කරපු. මේ නසනාරින් රාජපක්ෂලගේ ලණු කාලා මහා කුළුණක් වගේ තිබ්බ UNP පක්‍ෂය විනාශ කරලා වලපල්ලටම යැව්වා. මේ තිරිසනුන්ට හොඳක් නම් වෙන්න හොඳ නැහැ.

:       4       23

Hafeel Wednesday, 28 December 2022 01:36 PM

ඒ වුණාට සජිත්ට ජනවරමක් තියනවා. අදටත් සජිත් තරග බිමේ ඉන්නවා. ජනතාවට යමක් කරනවා. ඔයාලාට පහුගිය මහ මැතිවරණයේදී ඇපත් නැතුව ගියා. අදටත් ඔයාලා ඇතුළු පොහොට්ටුව ඡන්දයට බයයි. ඔයාලාගේ අකිලයි, වජිරයි පළාත් පාලන ඡන්දය කල්දාන්න එක එක දේවල් කියනවා. කෙසේවෙතත්, සජිත්ට ලක්ෂ 55 ජනවරමක් තිබුණා. ඔයාගේ රනිල්ට තිබුණේ දියවන්නාවේ හොරුන් 133 දෙනකගේ වරම පමණයි. ඔයාත් අදටත් ගෙදරට වෙලා ඉන්නේ ඔය රනිල් නිසා තමයි...

:       8       15

PereraWednesday, 28 December 2022 02:09 PM

සජිත් හැකියාවෙන් නායකයෙක් නෙවී.ප්‍රේමදාස ජනපතිගේ රැල්ලෙන් ගොඩ ආපු කෙනෙක් සජිත්

:       8       11

Hafeel Wednesday, 28 December 2022 02:49 PM

වෙන්න පුළුවන්. නමුත් රනිල්ගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය බින්දුවට වැටිලා.... කෙසේවෙතත් මම සජිත්ගේ අධාරකරුවක් නොවේ...

:       6       11

කෝරළගේ Wednesday, 28 December 2022 02:22 PM

සහතික ඇත්ත...සජිත් ලබන චන්දයෙදී ඉතිහාසගත චන්ද ප්‍රතිශතයකින් දීනනවා.රනිල්ට රාජපක්ෂ රෙජීමයට ඇපත් නැතිවෙනව.

:       7       12

PereraWednesday, 28 December 2022 05:49 PM

පරදින බව දන්න නිසා මේ අය ඡන්ද තියන්නේ නැත. ජනතා විරෝධී පොලිස් හා හමුදා බලය යොදා නිහඬ කිරීමේ වෑයමක නිරත වනු ඇත.

:       0       2

ranjith Wednesday, 28 December 2022 02:33 PM

පවු නිකන් දොඩවනව

:       6       9

siri Wednesday, 28 December 2022 02:38 PM

පසුගිය චන්දෙන් ආනමඩුවෙන් චන්ද 1,946 අරන් කයිවාරු ගහන හැටි

:       4       12

Kumara Wednesday, 28 December 2022 02:40 PM

ඔක්කොම එකයි...

:       1       7

fairoos Wednesday, 28 December 2022 02:42 PM

සජිත්ට බැරි බව දන්නවා.. ඔයාලා පුළුවන් නම් ඡන්දයක් තියන්නකෝ.. එතකොට ජනතාව බලාගනියි.

:       5       8

Buddika Wednesday, 28 December 2022 02:46 PM

ඡන්දයෙන් හොඳටම පරාදවෙලා දැන් ලොකු කතා... ඊළඟ ඡන්දෙනුත් මේ වගේම එජාපයත් පරාදයි.. ශුවර්. මෙයා දන්නේ නැහැ මිනිස්සු පොහොට්ටුවන්ට බනින තරම... එජාපය විනාශයි. සජිත්ගේ මයිල් ගහක්වත් වටින මනුස්සයෙක්ද මේ...?

:       4       11

Bamunuaracchi Wednesday, 28 December 2022 06:44 PM

ඇත්ත, වර්තමාන ජනාධිපතිවරයාට බස් පදවන්න බැහැ. බැංකු සුද්ද කරන්න විතරයි පුළුවන්...

:       2       2

Nandalal DE SILVA - FranceWednesday, 28 December 2022 08:00 PM

අනේ මගේ කට.පොහොට්ටුවට පන්දම් අල්ලන බමුණු රංචුවේ නායක ගේ පෝස්ට් වලට අපට මාර හිනා .69 ගෝඨා නම් ආයෙත් මැදමුලනේ කිරිබත් කන්න එනවා කියන්නේ බොරු

:       0       0

AKS Aththanagodha Thursday, 29 December 2022 12:39 PM

මෙදා සජිත්ට ගෝඨාභයා වඩා ඡන්ද ලැබෙනවා සත්තයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site