IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘සජිත් ,ඩලස් ගැන ඇහැ ගහගෙන ඉන්න‘

(අංජුල මහික වීරරත්න)

රාජපක්ෂලා හොරු හැටියට හංවඩු ගහන විපක්ෂයේ කණ්ඩායම්  රාජපක්ෂලා විසින් තනතුරු වලට පත් කරපු අය ආරක්ෂා කරන්න  ඡන්දය දී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

 මේ තත්ත්වයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායම් කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා   ලංකාවට අනාගතයක් සකසන්න නම්  සියලුදෙනා දෙබිඩි පිළිවෙත් වලින් ඉවත්වී අවංකවම රටේ ජාතික ප්‍රශ්න දෙස බැලිය යුතුව තිබෙන බව කීය.

පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ හැසිරීම රටේ ජනතාව තේරුම් ගත යුතු අතර විශේෂයෙන් සජිත් සහ ඩලස් පාර්ශවය ක්‍රියා කරන අන්දම ගැන  ශ්‍රී ලාංකික ජනතාව කල්පනාවෙන් බැලිය යුතු යැයි අබේවර්ධන මහතා පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

 



අදහස් (9)

‘සජිත් ,ඩලස් ගැන ඇහැ ගහගෙන ඉන්න‘

naleen Thursday, 01 June 2023 12:28 PM

වජිර කියන්නේ පිනට පාලිමන්ට් එකට ආපු කෙනෙක් .එයා කොහොමද ඩලස් ,සජිත් ට බනින්නේ

:       7       43

City Thursday, 01 June 2023 01:08 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට ඔබ දක්ෂ සේම වාසනාවන්ත විය යුතුය. ඒ ඔහුගේ ඉරණමයි.....

:       5       5

සුරංග Thursday, 01 June 2023 01:09 PM

ලංකාවෙ පාර්ලිමේන්තුවට කිසිවෙක් පිනට නම් එන්නෙ නැහැ මොකද තියෙන පව්කාරකම වැඩිවෙන්න තමයි එතනට එන්නෙ හරියට කුණුගොඩකට කුණුගොඩක් එකතුවෙනවා වගේමයි ඉස්සර හාමුදුරු නමක් කිව්වෙ අපායට යන්න ඕනෑනම් නුඹට කරපං මහ ඇමති කම එක දවසකට කියලා තමයි

:       1       12

Nimal Thursday, 01 June 2023 01:01 PM

ඔබතුමන්ල දැන් දේශපාලනෙන් අයින් වෙන්න කාලෙ හරි. රට අවුරුදු ගානක් ෆේල් කරල තියෙන්නෙ

:       2       13

Hafeel Thursday, 01 June 2023 02:04 PM

තමාගේ ඇඟේ තියන කුණු ගඳ තමාට දැනන්න නැහැ. හැබැයි අනුන්ට කියනවා ගැනයි කියල. එදා වස පාලන ආණ්ඩු සමයේ රාජපක්ෂ හොරු රංචුව ඔයා රැක්කයි කියල කොව්රුත් දන්නවා. ඒ නිසා තමයි මෙච්චර ප්‍රබල ඇමතිකම් තියද්ද්ත් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව මෙයාව දෙපාරක් අන්ත පරාජයට පත් කලෙත්. යාන්තම් 2015 දී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාගේ පිටේ එල්ලිලා ආවේ.

:       3       25

ranjith Thursday, 01 June 2023 02:26 PM

මෙයත් රාජපක්ශලගෙ පිහිටෙන් ආව කෙනෙක් නේද මෙයානෙ දෙබිඩි කාතා කියන්නෙ

:       4       26

Rohana Thursday, 01 June 2023 05:14 PM

රනිල්ට ප්‍රශස්ති ගී ගායනා කරන රනිල්ගේ හොඳම ගෝලයා..!

:       0       0

නොයෙල් ජනප්‍රිය Friday, 02 June 2023 08:52 AM

ඒ කාලේ මේකත් ඝෝඨගෙ තුරුල්ලට යන්න ඩීල් දාපු එකෙක්.ගාල්ලෙ ජනතාව මේකව ගෙදර යැව්වෙ ඒකයි.දැන් බයිලා ගහනව.ඊලග ජන්දෙන් මේකත් ගෙදර.

:       0       0

සල්ලි Friday, 02 June 2023 12:00 PM

දේශපාලන සම්ප්‍රප්පලාප ප්‍රධාන මාධ්‍ය තුළ පෙන්වීම හරහා තරුණ, ළමා මනස දූෂණය වේ. මෙවැනි පුහු සම්ප්‍රප්පලාප දැමීම තරයේ හෙලා දකිමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site