(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටුවී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කාරක සභාවක් පත්කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි පැවසූ විපක්ෂනායකවරයා එවැනි කාරක සභා හොරාගෙ අම්මගෙන් පේන ඇසීම හා සමාන වැඩක් වනු ඇතැයිද සඳහන් කළේය.
සජිත් පේමදාස මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසර ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විපක්ෂනායකවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් ජීවිත රැසක් නැති වුණා. දූ දරුවන්ට මවුපියන් නැති වුණා. මවුපියන්ට දූ දරුවන් නැති වුණා. අපි මේ ප්‍රහාරය හෙළා දකිනවා. මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් තවමත් සිදුවී නැහැ. ඒක අතිමහත් බහුතර ජනතාව පිළිගන්නා කාරණයක්. මේ ප්‍රහාරයෙන් මිය ගියේ අපේ රටේ ජනතාව. ඒ ජනතාවට සාධාරණය ඉෂ්ට වෙන්න ඕන. යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. සාධාරණය යුක්තිය ඉටු කරනවා කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. දේශීය පරීක්ෂණය හරියාකාරව නොවූ නිසා අද බරපතළ තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි මේකේ ඇත්ත දැනගන්න ඕන. පාස්කු ප්‍රහාරය ගැන කරපු හැම පරීක්ෂණයක්ම යට ගහලා තියෙන්නේ.
ඔබලා ඔය පුටුවලට ආවේ පාස්කු ප්‍රහාරය පෙන්නලා. සිද්ධියේ මහ මොළකරුවන් සොයන්න ඔබලා අසමත් වෙලා තියෙනවා. මේ ගැන විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍යයි. මට ආරංචි තියෙනවා කාරක සභාවක් පත් කරන්න යනවා කියලා. හොඳට තියේවි. ඒක හොරාගෙ අම්මගෙන් පේන වහනවා වගේ වැඩක් වේවි.මේක විසඳන්න පුළුවන් ජාත්‍යන්තර පරීක්ෂණයකින් විතරයි. පරීක්ෂණ යට ගහන්න එපා. දේශීය විදේශීය පරීක්ෂණ කණ්ඩායම් එකතු කරගත්ත පරීක්ෂණයක් අවශ්‍යයි. සිද්ධියේ මහ මොළකරුවන් ආණ්ඩුවේ ඉන්නවද කියන කාරණයත් දැනගන්න ඕන. අපේ රජයක් යටතේ මේ ප්‍රශ්නයේ සුල මුල හොයන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් බන් නුඹලගේ රජයක් යටතේ නේ පාස්කු ප්‍රහාරය වුනේ... මුකුත් හොයා ගන්න බැරි වුනැයි?