
(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක භූමිකාවට අමතරව කටුපු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බව ද එජාප මහලේකම්වරයා කීය.
සිරිකොත එජාප මුලස්ථානයේ පැවැති පක්ෂ නියෝජිත සාකච්ඡාවකදී රංගෙ බණ්ඩාර මහතා මේ බව කීය.
21 වන සංශෝධනයට සහය ලබා නොදෙන බව පවසමින් රටපුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම බව පැවැසූ රංගේ බණ්ඩාර මහතා රටට ආදරය කරන අයකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට ජනාධිපතිකම ලැබෙන විදියට 21 වන සංශෝධනය ගෙනාවනම් බලන්ඩ තිබුන සජිත්ගේ හැසිරීම.
මේ පුද්ගලයාත් ඒ වගේම තමයි..
කපුටා රකින්නේ රනිල් බව රටම දනී.ඔබ එය නොදනී
රනිල්ගෙ ජෙබ් එක කපුටන් රැකීම බව. රටම දනී ..ඔබ නොදනී.... අනේ පවු.
මේ සෙට් එක ජනතාව ප්‍රතික්ෂේප කළා.. ඒත් තම බලපෙරේතකම අතහැරලා නැහැ.
අනේ ඔයාගෙ මෝඩ මුසාවාද ජනතාව අහයි. ඔළුව තිබුනට මොළේ නැති ඔයා ර.වි ආරක්ෂා කරන්නෙ කපුටා බව දන්නෙ නැති ඔයා ගැන කවර කතාද.
ගෙදරින් එනකොට වතුර බෝතලේ මාරුවෙලා... දුරකථන ඇමතුමක් අරන් ගෙදරින් අහන්න වොඩ්කා බෝතලේ ගෙදරද කියලා..? මෙයා හිතන්නේ රටේම මිනිස්සු බයියන් කියලද?
දොඩවනවා. තැනක් හොයාගෙන ලංකාවෙන් යන්නකෝ... අපට සනීපයි.
රටම ප්‍රතික්ෂේප කරපු මෙයාලා රට හදන්න යනවාලු...
ඔයාලගෙ හිත් දන්නවා ඔයාලගේ ලොක්කා තමයි කපුටාව රකින්නේ කියලා... ඒක වහහන්න අනික් අයට දොස් කියනවා.... කාට බොරු කළත් ඔයාලගේ හිතෙ සාක්ෂිය එක කියයි. කපුටා නැත්නම් කැලයේ හිටපු ඔයාලා එළියට එන්නේ කොහොමද?
ඔව් සජිත් ප්‍රේමදාස (එස්.පීට), රාජපක්ෂලා මුල ඉඳන්ම ආරක්ෂා කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න බැරි බව හොඳටම දැන දැනත් ජනාධිපතිවරණය පැරදුණාට පස්සේ එජාපයෙන් කැඩිලා ගියා. මෙම පියවර මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් ලබා ගැනීමට හැකි විය. ජනාධිපතිවරණයේදී ඔහු ලබාගත් ඡන්ද මිලියන 5.9 න් එස්.පීට ලැබුණේ ඡන්ද මිලියන 2.9 ක් පමණි. එම මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් මිලියන 2ක් පමණ ඡන්දය ප්‍රකාශ කළේ නැත. දැන් ඔහු හදන්නේ කපුටාට අවශ්‍ය දේ 21 ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන පාර්ලිමේන්තුවේ කරන්නයි.