(ඩයනා උදයංගනී)
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්රාමාත්යධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එයට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඉවත්වන තුරු අගමැතිධූරය භාර නොගන්නා බව කියමින් නොසිට කඩිනමින් එම වගකීම භාරගෙන රට ස්ථාවර කිරීමට පියවර ගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ද ඉවත් වුවහොත් රට අරාජික වනු ඇතැයි ද හෙතෙම පැවසීය.
ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේදී අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිද්‍රෝහියෙක්...!
ජනාධිපති ඉඳලත් රට අරාජික වුණ එක හිටියත්, නැතත් වෙනවද?
ඩීල් දාලා හොරාකාපුවාගෙන් බේරෙන්න නේද සොරි්යෝ..? අනුරට දුන්නොත් ඔයාලා ඔක්කොම ලොස්.. දැන් අපිට ඕනේ හොරු නැති, මැරයෝ නැති දේශපාලනයක්. මැරයින් ටික දැන් සල්ලන්... හොරු ටික ඉක්මණට සල්ලන් කරනවාමයි..
තවත් රට අරාජික වීමට දෙයක් නැත. ගෝඨාභය ඉවත්වන තෙක් රටම අරාජික බවින් නිදහස් කළ නොහැක. මෙයා ඉවත්වන තෙක් කිසිවකු වගකීම් බාර ගැනීමෙන් ප්රයත්නයක් නැත.
ජයසේකර මහත්තයෝ ඔයාලා හැමදාම කිව්වේ බොරු.. අද කියන්නේත් බොරු. ඔබ ජනාධිපති ඉවත් වුනොත් මොකද වෙන්නේ? කථානායකතුමා ජනාධිපති ලෙස පත්වෙනවා. සජිත් අගමැති වෙන්න ඕනේ නෑ. පාර්ලිමේන්තුවෙන් තුන් දෙනෙක් නම් කරලා, රහස් ඡන්දයෙන් එක්කෙනෙක් තෝරාගන්න පුළුවන්. හර්ෂ ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, සුමන්දිරන් වගේ නම් තුනක් යෝජනා කරන්න පුළුවන්. ඔවුන් තුන් දෙනාගෙන් කෙනෙක් වත් ඡන්දයෙන් අගමැති ලෙස තෝරා ගන්නත්. මේ කට්ටිය තාම බොරු බේගල් ඇදෙබාමින් මිනිස්සු නොමඟ යවනවා.
එහෙම කොහොමද ඔයාලා කියන්නේ? නන්දසේන ගියාට පස්සේ තමයි ආණ්ඩු හදන්න ඕනේ..
අනේ යන්න.. දැන් ඇති සැප වින්දා... ඔබලාගේ දේශපාලනය දැන් මේ රටෙන් ඉවර කරන්න ඕනෑ.
ලෝකය පිළිබඳව මනා දැනුමක් ඇත්තා රනිල් පමණයි..! එය බීබීසි ප්රවෘත්තිවල පවා කිව්වා.. හේතුව අවුරුදු 27ක දේශපාලන පලපුරුද්ද පක්ෂ මාරු නොකර එකම පක්ෂයේ [අලියා] ඉඳලා .. පස් වතාවක් අගමැති ධුරය දරපු රටේ ඉන්න එකම දේශපාලන උගතා.. දක්ෂ, ඉංග්‍රිසි කථිකත්වයක් ඇති රටවල් සමඟ බියක් නැතිව සාකච්ඡාවලට තර්කානුකූලව අදහස් ඉදිරිපත් කළහැකි, කෙටියෙන්ම එහි සඳහන් කළේ ළඟඳී ඩ්‍රයිවින් ටෙස්ට් පාස්වුණු රියැදුරෙකුට අධිවේගයේ බයක් නැතිව වාහනයක් පදින්න, හසුරුවන්න ඉඩදෙන්න පුළුවනිද කියලා..?
මේ කොමෙන්ට් අප්පුහාමිලාට වෛරය, ක්‍රෝධය හැර වෙනත් ව්‍යවස්ථාමය දැනුමක් තියෙනවද?
ජවිපෙ එකට නැතුව ඕනෑ කෙනෙක්ට දුන්නට කමක් නෑ. ඔය ගිනි තියන ඒවත් වැඩියි. කරන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්. 88/89 කාලේ වගේ පුරුදුයිනේ.
සුමන්දිරන් කියන LTTE මනුස්සයාට අගමැතිකමත් දෙන්න කියන හරක් ඉන්නවනේ අප්පා මේ රටේ...
රජ හොරුන් කියන්නේ මේ වගේ අයට තමයි..
ඇත්තටම අපේ රටට හොඳ උගත්, බුද්ධිමත් අගමැතිවරයෙක් පත් කරගන්නම බැරිද? මේකට එන්නේම මෝඩයින්නේ... මොන කරුමයක්ද ? එක මෝඩයෙක් යනකොට තව මෝඩයෙක්... මේක මහා අවාසනාවන්ත රටක්...
රට අරාජික කළේ අපූරු සහෝදරයෝ..! මොවුන් හිටියත්, නැතත් දැන් බඩු බනිස් වෙලා තියෙන්නේ..!
තමුන් වතාවක් කිව්වා මතක නැද්ද අනුන්ගේ කූඩාරම් වලට ඔලුව දාන්න යන්නේ නැහැ කියලා? යූඇන්පීයේ ඉඳලා පැනලා ගිහින් අන්තිමට සාටකයාගේ කරේ එල්ලුණු හැටිත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අවස්ථාවාදී දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන්? ලැජ්ජයි... .