
(සුජිත් හේවාජුලිගේ)
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
අනුර කුමාර දිසානායක හොරුන් වංචනිකයන් ඇල්ලීමට කටයුතු කරන්නේ නම් සහ එ් අය විදේශයන්හි සඟවා ඇති මුදල් ගෙන එන්නේ නම් ඊට අත් දෙක ඔසවා කොන්දේසි විරහිතව සහාය දීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
අනුර කුමාර දිසානායක රටේ බහුතරයක් නැති ජනපති බවත් බහුතරයක් ලබා ඇති විපක්ෂය එකතු වී ආණ්ඩුව ඉදිරියේදී පිහිටුවන බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
මේ අවස්ථාවේදී සියලුම දෙනා එකතු වීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය. මේ අතර වංචා දූෂණවලට පැටලුණු අයට සමගි ජන බලවේග ලැයිස්තුවට
ඇතුළත් නොකිරීමට පක්ෂය තීරණය කර ඇති බවත් එය හොඳ ප්‍රවණතාවක් බවත් මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් ගෙවල් හීන දකිනවා නේ ග්‍රාම සේවක කෙනෙකුටවත් සුදුසු නැති කෙනෙක් කොහොමද අගමැති වෙන්නේ
මාර හීන තමයි දකින්නේ
සජිත් වැනි බල ලොබියෙක් එපා. අපට අනුර ප්‍රමුඛ ජවිපෙ ආණ්ඩුව විතරක් රට කළාම ඇති. සක්ක මුක්කු කාරයෝ ගා ගත්තොත් ජවිපෙටත් කියන්න පුළුවන් වැඩ කරන්න දුන්නේ නැත්තේ සක්කයෝ කියලා. ඒ නිසා ජවිපෙ තනියෙන් රට කරපුවාවේ. කෙසේ වුවත්, තුනෙන් දෙක නම් නුදුන්නාට කමක් නෑ.
ඒවා තීරණය කරන්නේ සාමාන්‍ය ජනතාව. මෙයාලා නෙවෙයි. වර්ථමාන ජනාධිපතිතුමාට වැඩ ටික කරගෙන යන්න නම් හොඳ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මම මාලිමාවට කඩේ යන්නේ නෑ. නමුත් මගේ රටට ආදරෙයි...!
ඊට වඩා හොඳයිනේ... හරිනිම අගමැති කරලා ජනාධිපති එක්ක වැඩ කරන එක, මාර හීන දකින්නේ
සංස්කෘතික අරමුදට විද්ද බුවාත් එක්කද සහයෝගයෙන් වැඩකරන්න ඕනෑ....
හා සීයේ තව කතාවක් කියන්නකෝ...
මේවගේ ගොන් කතා කියන්නෙ සජිත්ගෙන් ලකුණු දාගන්න මිසක් වෙන මොනවාටද? කැපිලා ඉන්න කෙනා මොනවා හරි කියවනවා. මෙයා මේ බබා වුණාට එන් පී පී ය සමච්චලයට ලක්කළ කෙනෙක්. මෙයාලාත් එක්ක මොන කතාද? ඊට කලින් සිලින්ඩර කාරයොත් එක්ක එකතු වෙන්නකෝ...!
අපි අහල තියෙනවා කතාවක්.. කටුව පෙගෙනා කල් වතුරේ හිටපු ඉබ්බෙක් ගැන...පවු අප්පා
මෙයා ගියා මාස කිපයෙ රනිල් ගාවට පනින්න බලන් හිටපු කෙනානෙ ! SJB මෙයාට ඡන්ද නොමිනෙසන් දෙන්න කලින් නැවත සිතා බලන්න
මෙයා දවල් හීන දකිනවා..... 2019දීත් ඔහොම තමයි ගෝඨාභයට පැරදුණාට පස්සේ ගෝඨාභය ජනාධිපති සජිත් අගමැති කිය කිය ගියා.... දැන් ඒ තැටියම අලුත් කරලා.... සජීගෙ ඉඳලාම මුන් සේරම ගෙදර අරින්න ඕනෑ...
ඇයි මේ කලබලේ, ඡන්දෙ ඉවර වුණාම ඕවා කතා කරමු.
කට්ටිය මාර දුකෙන් ඉන්නේ පව් අනේ කොහොම හරි එල්ලිලා කන්ඩ බලන්නෙ මුන්වෙන වැඩක් බලාගන්න
සජිත්ට අගමැති වෙන්න තිබෙන ඉඩ කඩ ඉතා අඩුයි ,වැරදිලාවත් නොවැම්බර් 14 වෙනිදට කලින් ටිරාන් අලස්ට ඇතුළු හිටපු ආණ්ඩුවේ දුෂිත ඇමැතිලා 2-3 චෝදනා ගොනු කරලා අධිකරණය ඉදිරියට ගෙන අවොත් ඡන්ද ලක්ෂ 5 පමණ අලුතෙන් මලිමවට එකතුවෙන නිසා සජිත්ගේ තිබෙන සුළු ඉඩ කඩත් වැසි යන බව පවසන්න ඕනේ .
අලුත් කැබිනට් සාමාජිකයෙක් එනකන් සූදානමින් ඉන්න...!
අනේ ඇත්තට මේ මිනිස්සුන්ට නම් තියෙන්නේ මහා පුදුම තණ්හාවක්. මෙච්චර කල් තනිවම රට කාලා කාල තවත් ඇතිවෙලා නැහැ. කොහොම හරි කට්ටිය එකතුවෙලා හරි බලයට ඇවිත් ජනපති AKD ට අන්චිය අදින්න මයි උඩ පිනුම් යට පිනුම් බල්ටි ජිල්මාට් දාන්නේ.
මේ ඡන්දෙන් පැරැදිලා ගෙදර උන්නු කෙනා නේද? රන්ජන්ට පින්සිද්දවෙන්න මන්ත්‍රී පට්ටමක් ලැබුණා., අගමැති කෙසේවෙතත් ඔයා මේ පාරත් ගෙදර තමයි,... අපිත් ගම්පහ...
අපි ඔරිජිනල්... UNP සහ SLAP කාරයෝ...
බුරුවන් එක්ක වැඩකරන්න ජනාධිපති කැමැති වෙන් නැහැ...
ඔයගොල්ලන්ගේ සහයෝගය ඕනෑ නැහැ. අපි කරගන්නන්. මලපෙරේතයින්...
මෙයාද මෙයා මාස ගානක් තිස්සේ unp එකට රනිල්ට ඔත්තු දිදී රනිල් ළඟට පනින්න බලන් හිටපු කෙනෙක්නේ දැන් කොහොමද?
සජිත් කියන්නේ කිසිම දැක්මක්, හැකියාවක් නැති ඉතා මෝඩ... එහෙත් උද්දච්චකම ඉහ වහා ගිය මනුස්සයෙක්. ඔහුව දේශපාලනයට තියා සිල්ලර කඩයක මුදලාලි තනතුරකටවත් සුදුසු නැත...!
සිත නිවාගන්න කියන කතා, ඉස්සෙල්ලා සජිත්ගෙන් ටිකට් එක ඉල්ලා ගන්න...
එතකොට ක්‍රියාත්මක කරන්න වෙන්නේ ජාජබ ප්‍රතිපත්තියද.. සජබ ප්‍රතිපත්තියද..? මේවා මේ බලලෝබයට කියන කතා...!
සජිත් වගේ බොරු කයිවාරු ගහන, කෙනෙකුට වඩා උගත්, බුද්ධිමත් දැන් ඉන්න අගමැතිතුමිය අපිට ව්ටිනවා...
සීනි බනිසුයි, කරවල හොදියි ගැලපෙන්නේ නෑ බන්...!
ඔක්කෝටම කලින් සජිත්ට කියන්න අර බලෙන් අල්ලාගෙන කුලී නොගෙවා අවුරුදු 4ක් තිස්සේ නෝනා මහත්තයගේ ජාල් සැලූනය එතැනින් අස් කරගන්න කියලා. අමු හොරු...!
අනේ පින් සිද්දවෙයි , ආයේ පාර්ලිමේන්තුව ගඳ ගස්සන්න එපා. ජනතාවට ඕනේ පිරිසිදු චරිත ටිකක්. මාර කෙනෙක්වනෙ යෝජනා කරන්නේ සහයෝගයට...
එවැනි උවමනාවක් ජනතාවට නොමැත
හවුලේ කැඳවත් බොන්න එපා. ඕනෙම නෑ...