(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට පැමිණීමට දැනටමත් සැලසුම් කර ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම ජනවාරි 20 වැනිදා තෙක් කල් දමන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
සෞඛ්‍ය අංශය ඇතුළු අදාළ බලධාරීන් සමඟ කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා රැස්වීමක් ලබන 17 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඉන් පසුව රෙගුලාසි පැනවීම පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් නිකුත් කරන බවත් එම නිවේදනයේ දැක්වේ.
කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් වලංගු බවත් සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර පී.සී.ආර් පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා ඇත.
සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බව ද ඔහු සඳහන් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ටම පට්ට මෝඩයින් රැලක් බලෙන් පාලනය කරන, පට්ටම පට්ට අවස්ථාවාදී මෝඩ දීන නිලධාරීන් රැලක් සිටින උන් විසින් කරන ලද සොරාකෑම් නිසාම දුප්පත් කරන ලද රටකි මේ අපේ ශ්‍රී ලංකාව . ඒ මෝඩයින් විසින් විටින් විට කරන මේ " රිවස් " කිරීම් නිසා රටට සිදුවී ඇති පාඩුව , අපකීර්තිය සුළුපටු නොවේ..." ආයෙත් කොරෝනා ආවොත් " නියමයි " ඔන්න මේ පාර මමයි අලුත් එන්නත ගෙනෙන කොන්තරාත් එක ගන්නේ...හෙහ් හේ අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙකට පස්සේ.." යි හෙමින් තමන්ටම මුමුනමින් හොර තක්කඩි දේශකාපාලුවෙක් හෙට හෝ අනිද්දා අලුත් වැඩක් පටන් ගන්නද මේ හදන්නේ...?...අපි වේලාසනින්ම ඔන්න කිව්වා. තව දෙයක් අමතක කරන්න එපා....... කාට කාටත් " බලු කූඩු "වල ලගින්නවෙන කාලය වැඩි ඈතක නොවේ .
I think this policy is directed at Chinese tourists, but the department is too scared to discriminate the Chinese. However, there’s really no point pre-travel testing when we don’t know the true extent of local community covid transmission in Sri Lanka. The tourist could come with a negative PCR but could catch covid while in Katunayake duty free.
මේ දත කන්නෙ නැවත වතාවක් සංචාරකයින් එන එක වලක්වගන්න. සම්පූර්ණ එන්නත් ගත්ත ජනාව කොවිඩ් වෛරසය ඉදිරියේ බිය වියයුතු නැති තත්ත්වයක්නෙ තියෙන්නෙ. අර රුසියන් ගුවන්යානයක් සමඟ ඇතිකරගත් මෝඩ ගැටලුව වගේ තවත් නැති ප්‍රශ්නයක් හදාගෙන යන්තමින් ඔලුව උස්සන්න හදන සංචාරක කර්මාන්තය නැවත හාන්සි කරන්නයි හදන්නේ