(තිළිණි ද සිල්වා)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයින්ගෙන් ලැබීමට තිබූ ආදායම් සියල්ල අහිමිව ගිය බවත්, සංචාරකයින්ගේ පැමිණීම අඩුවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රහාරය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට විශාල පාඩුවක් සිදුවූ බවත් සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ගේද ආදායම් මාර්ග අහිමි වූ බවත් සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඔයා මේ කියන්නේ?
වයසක වැඩක් කරන්ඩ බැරි කෙනෙක් දාගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරන්ඩ හදනවා.
එහෙනම් බයවෙන්න දෙයක් නැහැ. ඇමතිකම රැකෙයි.