
(ජේ.ඉඳුරුවගේ )
සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මූලික පියවරක් ලෙස අද සිට 1997 විශේෂ කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව ඕනෑම සංචාරකයෙකුට තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව මේ අංකයෙන් පොලීසියට දැනුම් දිය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යූරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සියලු ආරක්ෂක අංශ සමග එක්වී විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ඇමැති, ජනාධිපතිතුමනි. සංචාරකයින් ලෙස වෙස්වලාගෙන මෙරටට ඇවිත් සිටින ඊශ්‍රාෙයල් සෙබළුන් වහාම මෙරටින් ඉවත්කරන්න. ඔවුන්ට මේ රටට පැමිණීමට අවසර දීපු රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කරන්න.